Header Ads

සිසු අයිතිය වෙනුවෙන්බල්ලෙක් සටනේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති සහ නායක සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඊයේ (7දා) විරෝධතා පාගමනක් පැවැත්වුණි. 

එම පෙළපාළිය කාගේත්
අවධානයට යොමු වූ කාරණය වූයේ සිසුන් සමඟ බල්ලෙක් අරගලයේ පෙරමුණ ගැනීමයි.



සිසුන් මර්දනය කිරීමට කිසිම පුද්ගලයකුට ළංවීමට ඉඩ නොදෙන මෙම බල්ලා පෙළපාළියට බාධා වන වාහනවලට පවා බුරාගෙන පැනීම කාගේත් අවධානයට ලක්වුණි. 


පසුව ජ'පුර මහා ශිෂ්‍ය සංගමයෙන් කළ විමසීමේදී කියා සිටියේ එම බල්ලාගේ නම 'දෝණි' බවත් විශ්වවිද්‍යාල සිසුන්ගේ පන්ති තහනමට විරුද්ධව දින 59ක් පුරාවට තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහයේදීද 'දෝණි' දිවා රෑ එක දිගට තමන් සමඟ අරගලයේ සිටි බවය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.