Header Ads

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන දෙමව්පියන්ට පුහුණුවක්

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය
සඳහන් කළේ තම අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලය සහ දිස්ත‍්‍රික් කාර්යාලය එක්ව මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කරන බවයි.

කුඩා දරුවන් අන්තර්ජාල භාවිතය හේතුවෙන් විවිධ අපයෝජනයන්ට ලක්වීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු වාර්තාවුණා.

එමෙන්ම ඇතැම් වැඩිහිටියන් ද ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා දරුවන් අපයෝජනය කළ අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා වු බවයි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ. 

එම නිසා දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කර මෙම තත්ත්වය අවම කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.