Header Ads

ෆුට්බෝල් ගහන්න ලිංගික සබඳතා වැදගත්!

ලෝක පාපන්දු කුසලානය සම්බන්ධයෙන් මේවනවිට උණුසුම්ව ඇති බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වෙනස්ම මතයක් මාධ්‍යය ඔස්සේ පලවී තිබේ. මාධ්‍යය වාර්තා කරන ආකාරයට
ලිංගික සංසර්ගයේ යෙදීමෙන් අනතුරුව පාපන්දු ක්‍රීඩකයන්ට පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට වැඩි ජවයක් ලැබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ වලදී ක්‍රීඩකයන්ට ලිංගික කටයුතු වලට ඉඩ ලබා නොදෙන අතර එහි අරමුණ වන්නේ ඔවුන්ගේ මානසිකත්වය ක්‍රීඩාව කෙරෙහිම පවත්වාගැනීමයි. 

මෙවර පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ රටවල් 32 ක ක්‍රීඩකයන් හට ලිංගික කටයුතු දීමට අවසර ලබා නොදී ඇති අතර රටවල් අටක ක්‍රීඩකයන්ට අවසාන පුර්ව තරඟයට පෙර ලිංගික සංසර්ගයේ යෙදීමට අවසර ලබාදී ඇති බව  Brazil's Lance නම් පුවත්පත වාර්තාකොට තිබුනි. 

බ්‍රසීල ක්‍රීඩකයන් පසුගියදා කොලොම්බියාවට එරහිව ක්‍රීඩා කර ජය ලැබූ අතර ඒ සම්බන්ධව හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෙක් වන Romario මාධ්‍යය වෙත පවසා ඇත්තේ තරඟයකට පෙර ලිංගික එක්වීමෙන් මනස නිරවුල් වීමක් සිදු වී හොදින් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.