Header Ads

කිඹුලියක සමඟ විවාහ වූ නගරාධිපති

මෙක්සිකෝවේ ධීවර නගරායක නගරාධිපතිවරයකු කිඹුලියක විවාහ කරගත් පුවතක් විදෙස් වාර්තා අනාවරණය කරයි.
කිඹුලකු සමඟ
විවාහපත්වීම සෞභාග්‍යය සපිරෙන් කරුණක් බවට එහි මුතුන්මිත්තන්ගේ විශ්වාසයයි.
මෙක්සිකෝවේ හුවාමෙලූලාලහිදී මෙලෙස කිඹුලියක සමඟ විවාහ වූයේ නගරාධිපති ජොඑල් වැස්ක්වෙස් රොජස් ය.
මනාලියක හැඩගැන්වෙන සුදුපැහැති ගවුමකින් හා මල් සැරසිලිවලින් සරසා තිබූ කිඹුලිය අතින් ගෙන ආ නගරාධිපතිවරයා පවසා තිබුණේ මෙය මහත් සතුට දනවන විවාහයක් වන බවයි.
මෙක්සිකෝවේ සාමාන්‍ය විවාහ මංගල්‍යයක පැවැත්වෙන උත්කර්ශවත් නැටුම් ගැයුම්, ගිනිකෙළි මෙම මංගලෝත්සවයේ ද දකින්නට තිබීම විශේෂත්වයකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.