Header Ads

ලොව බලවත්ම තාරකාව

ෆෝබ්ස්‌ සඟරාව මගින් කලා ක්‍ෂේත්‍රයේ ලොව බලවත්ම තාරකා ලැයිස්‌තුව තෝරා ඇත. ඒ අනුව පළමු තැනට පත්ව ඇත්තේ ඇමරිකානු පොප් ගායිකා බියොන්සේ නෝල්ස්‌ය.
ඇය පසුගිය වසරේදී ලැබූ
ආදායම ඩොලර් මිලියන 115කි. ඇගේ සැමියාවන රැප් ගායක ඡේ. ඉසෙඩ් මෙම ලැයිස්‌තුවේ හයවැනි තැනට පත්වී ඇත.
2013වසරේ මේ යුවළ ලොව වැඩිම ආදායමක්‌ උපයාගත් තාරකා යුවළ ලෙස නම් කෙරිණි.
මෙම ලැයිස්‌තුවේ දෙවැනි තැන ලී බ්‍රොන් ඡේම්ස්‌ට හිමිවී ඇති අතර සිව්වැනි තැන ඔප්රා වින්ෆ්‍රිට හිමිව ඇත. බියෝන්සේ ගායනා ක්‍ෂේත්‍රයට පැමිණියේ 1997වසරේදීය. 32හැවිරිදි බියොන්සේ එක්‌දරු මවකි. 2013-2014වසරවල ටයිම් සඟරාව මගින් ලොව වඩාත් බලපෑමක්‌ කළ හැකි පුද්ගලයන් සියදෙනාගෙන් එක්‌ අයකු ලෙස බියොන්සේ නම් කරනු ලැබීය.
ඇය ලොව ජනප්‍රිය වූයේ Destiny childගායන කණ්‌ඩායම හරහාය. 2012 ලෝක මානුෂියවාදී දිනයේ සන්නාම තානාපතිනිය වූයේද ඇයයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.