Header Ads

හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම පිළිබඳව ගැටඵවක් – “බුර්කාව ඇඳන් ඡන්දය දැමීම තහනම්”

ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරු දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ඊයේ (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී
ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කළ ප‍්‍රශ්න කිහිපයක් විය.
ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද ඇඳුම් පැළඳගෙන පැමිණීම සම්බන්ධයෙන් හා ජාතික හැඳුනුම්පත සඳහා ඡයාරූප ලබාගැනීමේ දී මුස්ලිම් කාන්තාවන් කන් ආවරණය වන ලෙස හිජාබ් ඇඳුමෙන් සැරසි සිටීම පිළිබඳව ගැටඵවක් ඇති බව විමසා සිටියේය.
එමෙන්ම ඡන්දපොළ වල මුස්ලිම් කාන්තා නිලධාරීන් මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳ සිටීම පිළිබඳව ද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින ලදි.
මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දපොළ වෙත පැමිණෙන මුස්ලිම් කාන්තාවන් හෝ වෙන කවරෙකු වුවද මුහුණ ආවරණය කරගෙන නොපැමිණිය යුතු බවයි.
එයට කිසිසේත් ඉඩනොදෙන බවද නිකාබය හා බුර්කාව පැළඳ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි බව ද අවධාරණය කළ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡයාරූප ලබාගැනීමේදී කන් වැසෙන පරිදි හිජාබ් අඳිමින් කන් ආවරණය කළ නොහැකි බවත් එය විවෘතව තිබිය යුතු බවත් අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කන් නිරාවරණය කර තිබීම ඉතා වැදගත් බවත් අවධාරණය කරන ලදි.
මේ අනුව ඉදිරි මැතිවරණ වලදී මුස්ලිම් කාන්තාවන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් හෝ අර්ධවශයෙන් වසාගෙන ඡන්දය ප‍්‍රකාශ කළ නොහැකි අතර හැඳුනුම්පත් සඳහා ඡයාරූප ගැනීමේ දී හිජාබයෙන් කන් වැසිය නොහැකි බව කොමසාරිස්වරයා පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දෙන ලදි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.