Header Ads

පැහැරගෙනගිය දරුවා පිළිබඳ මේ අංකවල ට දන්වන්න – පොලීසිය

ගල්ගමුව, මීගලෑව, ප්‍රදේශයේ නිවසකට කඩා වැදි සිව් හැවිරිදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට
පොලීසිය මහජන සහය පතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බව ය.
පෙරේදා රාත්‍රි 7.45 ට පමණ මුහුණු ආවරණය කර ගනිමින් යතුරු පැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු දරුවාගේ නිවසට කඩා වැදී දෙම්ව්පියන්ට පහර දී දරුවා පැහැරගෙන ගොස් තිබිණ.
පැහැරගෙන ගිය ගල්ගමුව – මීගලෑව – හුණුපොළගම ප‍්‍රදේශයේ පදිංචි උවිඳු ඒකනායකනැමැති සිව් හැවිරිදි පිරිමි දරුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේනම් පහත දුරකථන අංක වෙත ලබාදෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජගත් අබේසිරිගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඔ පළාත) – 0718137007
චන්දන අලහකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, (නිකවැටිය) – 0774784635 යන්න එම දුරකථන අංක වේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ දරුවා සොයා ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම්කිහිපයක් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවයි.
ප‍්‍රදේශයේ සහල්මෝල් ව්‍යාපාරිකයෙකුගේ බාල දරුවා වන ඔහු කිසියම් පිරිසක් විසින් පෙරේදා(28) පැහැරගෙනගොස් තිබුණි.
දරුවා පැහැර ගත් පිරිසපෙරේදා රාත‍්‍රී 7.45ට පමණ නිවසට පැමිණ තිබුණේ දරුවාගේ පියා හමුවීමට අවශ්‍යබව පවසමිනි.
එම අවස්ථාවේදී පැහැර ගැනීමට ලක්වූ පිරිමි දරුවාගේ වැඩිමහල්සොහොයුරිය සිය සොහොයුරා රැගෙන යාමෙන් වළකින ලෙස පැමිණි පිරිසගෙන් ආයාචනය කරතිබුණි.
එම අවස්ථාවේ ඔවුන් කුඩා දැරියට ද තුවාල සිදුකර ඇති අතර පියාගේගෙලට ද සුළු තුවාල සිදුකර ඇත.
මෙම දරුවා පිළිබද තොරතුරක්දන්නේ නම් වහාම ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.