Header Ads

උපාධිධාරිණියගේ ඝාතනය පසුපස දේශපාලන හස්තයක් ?

මාතලේ උපාධිධාරිණියගේ ඝාතනය පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇතැයි සැක මතුව ඇතැයි වාර්තා වේ.
පසුගිය මැයි 25 වැනි දින
අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ මාතලේ උකුවෙල වරාපිටියේ උපාධි අපේක්‍ෂිකා නදීෂා ලලනි වරාපිටියගේ (24) අබිරහස් මරණය පිළිබඳ අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් යොදා පරීක්‍ෂණ පවත්වන ලෙසට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මේ ඝාතනය දේශපාලනයට සම්බන්ධ ඝාතනයක් බවටද සැකයක් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය දිසානායක මහතා ඔහුගේ ලිපියේ දක්වා ඇති අතර කරන ලද ඉල්ලීම අනුව පොලිස්පති ඉලංගකෝන් මහතා ඒ වෙනුවෙන් පරීක්‍ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරන බවද රෝහණ දිසානායක මහතා පවසා ඇතැයි වාර්තා වේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.