Header Ads

චීනයේ ගංඟාවක ජලය හදිසියේ ම ලේ පැහැයට හැරෙයි

ගංඟාවක ජලය හදිසියේ ම ලේ පැහැ ගැන්වීමේ පුවතක් නැගෙනහිර දිග චීනයේ සිජිජෑන්ග් පළාතෙන් වාර්තා වේ.
ගඟ දෙපස පදිංචිකරුවන්
උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට වේලාවෙන් උදෑසන 5 සිට පැයක පමණ කාලයක් ඇතුළත ගංඟාවේ ජලය සම්පූර්ණයෙන් ම තද රතු පැහැයට හැරුණු බව ය.
ජලය රත් පැහැ ගැන්වීමත් සමග අවට අමුතු ආකාරයේ දුර් ගන්ධයක් පැතිරී ගිය බව ද පදිංචිකරුවන් පවසා ඇත.
කෙසේ වෙතත් එම ගංඟාවේ ජලය රත් පැහැ ගැනීමට හේතුව කුමක් දැයි, යන්න හෙළිකර ගැනීමට පළාතේ පාරිසරික ආරක්ෂණ බලධාරීන්ට මේ වන තෙක් හැකියාවක් ලැබී නොමැත.
පරිසර ආරක්ෂණ කාර්යාංශයේ ප්‍රධානි ජින්ෆෙන්ග් ක්ෂියෝ චීන මාධ්‍යට පවසා ඇත්තේ, කෘත්‍රිම වාර්ණකයක් ජලයට එක් කිරීම හේතුවෙන් මෙලෙස ගංඟාවේ ජලය රත් පැහැ ගන්නට ඇති බව ය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.