Header Ads

නාට්‍යයකට බිය වී 33ක් මැරෙති

ගිනියාවේ අගනුවරවන කොනාකිහි මුහුදු වෙරළේ පැවති ප්‍රසංගයක දී කළබලයට පත්වූ පිරිසක් දිවයාමෙන් පෑගීමට හා තෙරපීමට ලක්ව  33 දෙනකු මියගොස්
ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මියගිය පිරිසෙන් 11 දෙනකු ළමුන් වන අතර 13 දෙනකු කාන්තාවෝය. තවත් සිය ගණනක් මෙහිදී තුවාල ලබූහ. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් ශුද්ධ මාසය සැමරීම වෙනුවෙන් මේ ප්‍රසංගය පවත්වා ඇත.

සිදුවූ අනතුර හේතුවෙන් එරට ජනාධිපති කාර්යාලය ජාතික ශෝක සතියක් ද ප්‍රකාශ කැර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනියාවේ රැප් කණ්ඩායමක් විසින් පැවැත්වූ ශෝකාන්ත නාට්‍යයකට බියවී මේ පිරිස දිවගොස් ඇති බවයි.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.