Header Ads

Facebook "Poke" එකක් ගිය දුර

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපූරෝ පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.

2007 වසරේදී ස්ටීවන් ගේ
ෆේස්බුක් පිටුවෙහි දුටු නෆීස් ජූන් නමැති තරුණියක් පෝක් කොට ඇති අතර එමගින් ආරම්භ වූ වසර හතක ඔවුන්ගේ මිත්‍රත්වය ෆේස්බුක් ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා දුරගොස් ඇත.

ප්‍රේම සම්බන්ධතාවයන් වසර හතකට පසුව ස්ටීවන් විසින් නෆීස් ව මෙන්ලෝ පාර්ක් හි පිහිටා ඇති ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ සංචාරයක් සඳහායැයි කියමින් රැගෙන ගොස් ඇතිඅතර එහිදී ඇයව පුදුමයට පත්කරමින් ඇයට විවාහ යෝජනාව සිදුකොට ඇත.

එම අවස්තාව සඳහා ෆේස්බුක් නිර්මාතෘ  හා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් හා අන්ගේ බිරිඳද සහභාගී වී තිබේ. 

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින් 














No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.