Header Ads

මිසයිල ප්‍රහාරයට ලක්වූ MH17 යානයේ සිටි ශ්‍රී ලාංකීය නිළියත් මරුට

යුක්රේනයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්භවයක් ඇති
නිළියක්ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන ඇය රසිකයන් අතර ජනප්‍රියව සිටියේ Shuba Jay නමිනි.

ඇය ලන්දේසි ජාතික තරුණයෙකු වන 37 හැවිරිදි Paul Goes සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති Shuba Jay ඔවුන් දෙදෙනාගේ අලුත උපන් දරුවාද සමඟ සිය සැමියාගේ දෙමව්පියන් බැහැදැකීමට ඇම්ස්ටර්ඩෑම් බලා ගොස් තිබෙනවා. දෙමාපියන් දැකබලාගැනීමෙන් අනතුරුව ඔවුන් නැවත තමා පදිංචිව සිටින මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත පැමිණෙමින් සිටියදීයි මේ අනතුර සිදුව තිබෙනවා. 


මේ අනතුරින් Shuba Jay, ඇගේ සැමියා වන Paul Goes හා එකම දියණිය වන  Kaela Maya ඇතුළු ගුවන්යානයේ සිටි සියළුම මඟීන් ජීවිතක්ෂයට පත්වූවා.












මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.