Header Ads

MH370 ගුවන් යානය හමුවී ඇති බවට සැකසූ ව්‍යාජ වීඩියෝවක් ලොව පුරා ව්‍යාප්ත වෙයි

අතුරුදන්ව පවතින මැලේසියාවට අයත් MH370 ගුවන් යානය හමුවී ඇති බවට ප්‍රචාරයක් ව්‍යාජ වීඩියෝවක් හරහා ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
එම වීඩියෝව නම් කර ඇත්තේ, ‘Newest Video: Malaysian Air Flight MH370 Found by Sailor Moments Ago’ යනුවෙනි.
එම වීඩියෝව Facebook
වෙබ් අඩවිය ඔස්සේ පළ කර ඇති අතර එම ගුවන් යාන‍ා කොටස නාවිකයෙකු විසින් සොයා ගනු ලැබූ බව ත්, ඒ සඳහා ඔහු‍ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනැමූ බව ත් එහි සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එහි දැක්වෙන්නේ 2009 වසරේදී හඩ්සන් නදිය මතට කඩා වැටුණු US Airways Flight 1549 දරන ගුවන් යානයේ දර්ශන යි.
මෙම වීඩියෝව click කරන්නෙකුට එය නැරඹීමට පෙර මිතුරන් අතර share කරන ලෙස උපදෙස් ලැබේ.
ඉන්ටර්නෙට් අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු සොයන Hoax-slayer.com වෙබ් අඩවිය පවසන්නේ, අදාළ උපදෙස් සියල්ල පිළිපැදීමෙන් පසුව ද වීඩියෝව නැරඹිය නොහැකි බව ය.
මෙය Facebook වෙබ් ගිණුම්වල shares සංඛ්‍යාව වැඩි කිරීම සඳහා දරන ව්‍යාජ උත්සහයක් බව Hoax-slayer.com පවසයි.
එම වෙබ් අඩවිය ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි අවභාවිතයන්‍ට හසු නොවන ලෙස ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.