Header Ads

කහ ඉර උඩදී ඇගළුම් සේවිකාවක් ලංගම බස් රථයකට බිලිවෙයි (Video)

කුරුණෑගල, ඉබ්බාගමුව, මඩගල්ල ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද උදෑසන එම කාන්තාව මාර්ගයේ පදික මාරුව ආසන්නයෙන් ගමන් ගනිමින් සිටියදී
එම අනතුර සිදුව ඇති බව ය.
එලෙස මියගොස් ඇත්තේ  මහමූකලන්යාය, පහළගෙදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවකි.
ඇය මඩගල්ල ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවය සඳහා යමින් සිටියදී එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංගම බස් රථයේ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.