Header Ads

අවුරුදු 104 ජපාන ක්‍රීඩකයෙකු උසේන් බෝල්ට්ට අභියෝග කරයි

වසර 104ක් වයසැති ජපාන ක්‍රීඩකයෙකු ලොව වේගවත් ම මිනිසා වන උසේන් බෝල්ට්ට අභියෝගයක් කර තිබේ.
නමින් හිදෙකිෂි මියසාකි (Hidekichi Miyazaki) නමැති
ඔහු වසර 100 ඉක්මවූවන්ගේ මිටර් 100 ‍ධාවන තරග ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියයි.
ඔහු 104 හැවිරිදි වියේදී එම ඉසව්ව නිම කළේ, තත්පර 29.83ක කාලයකිනි.
‘Golden Bolt’ ලෙස විරුදාවලි ලත් හිදෙකිෂි මියසාකි AFP පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ, ලෝක ශූර උසේන් බෝල්ට් සමග මීටර් 100 තරග ඉසව්වට සහභාගි වීමට තමන් ඉමහත් කැමැත්තෙන් පසුවන බව ය.
1910 වස‍රේදී උපත ලබා ඇති ඔහුගේ බර කිලෝග්‍රෑම් 42කි.
ඔහු පවසන්නේ, තමන් ආහාර ගිලීමට පෙර 30 වරක් එය හපන බැවින් එම ආහාරය දිරවීමට ආමාශයට වඩා ත් පහසු බව ය.
එසේ ම, සිය 73 හැවිරිදි දියණිය සකසා දෙන ජමනාරං ජෑම් දිනපතා ආහාරයට ගැනීමෙන් ද සිය සෞඛ්‍යය වර්ධනය වන බව හිදෙකිෂි මියසාකි පවසා තිබේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.