Header Ads

මේ වනවිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 105 ක් – කැෆේ සංවිධානය

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව කැෆේ සංවිධානය වෙත මේ වනවිට සිදුවීම් 105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.ඒ
මොණරාගල දිස්ත්‍රික්කයෙන් 80 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක් සහ වෙනත් සිදුවීම් 6 ක් වශයෙනි.
ගතවු දින දෙක තුළ මොණරාගල මැතිවරණ ප්‍රචණ්ඩත්වය සිඝ්‍ර ලෙස ඉහල ගිය අතර මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ ගිණි අවි භාවිතයෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් තිබේ. මීට අමතරව රාජ්‍ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්‍රික්ක දෙකෙන්ම වාර්තා වන අතර රැස්වීම් සදහා ශ්‍රීලංගම බස් රථ යොදා ගැනීම් ද මේ යටත් වාර්තා වු අතර සමෘද්ධි නිළධාරින් මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගැනීමේ සිදුවීම් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.
මෙම තත්වය වැළැක්වීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස් වරයාගෙන් සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.