Header Ads

අගෝස්තු5 ආණ්ඩුවේ රහස් ගනුදෙනු පාඨලී හෙළිකරයි


ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සිදු වූ රහස් ගනුදෙනු සහ
අක්‍රමිකතා රැසක් පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ලබන 5 වැනිදා සිදුකිරීමට නියමිතය.


ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ලෙස කටයුතු කරන අතරවාරයේම මෙලෙස ආණ්ඩුවේ සහ රජයේ ප්‍රබලයන්ගේ අක්‍රමිකතා හෙළිදරව් කිරීම විශේෂත්වයකි.
විදුලිබල ක්‍ෂේත්‍රයේ සහ ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයේ අර්බුද ඇති කර එම ක්‍ෂේත්‍රවල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට දායක වූ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂි සහිත හෙළිදරව් කිරීම් රැසක් පාඨලී චම්පික ඇමැතිවරයා රචනා කර ඇති බලය සහ බලය කෘතියේ ඇතුළත් වෙයි.


තමන් විදුලි බල ඇමැති ධුරය දරන කාලයේදී විදුලිබල මණ්ඩල ලාභ ලැබීම වැළැක්වීමට දේශපාලනඥයන්ගේ සහයෝගය යටතේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරය ලංවිම අභ්‍යන්තර විගණක පරීක්ෂණ නැවැත්වීමට සහ එම පරීක්ෂණවලට තොරතුරු ලබාදීම වැළැක්වීමට කටයුතු කළ නිලධාරීන් ඇතැම් බලාගාරවල නිල වාර්තා අතුරුදන් වූ ආකාරය 2012 වසරේදී රුපියල් මිලියන 17,335ක ස්ථාවර ගාස්තු ගෙවීමේදී ලංවිමට නිසි ප්‍රතිපත්තියක් නොවූ බව සහ එම ප්‍රශ්න නිර්මාණය කළ නිලධාරීන් තවමත් විදුලිබල මණ්ඩලයේ කටයුතු කරන ආකාරය 2010 වසරේදී පෞද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලට ගත් ආකාරයට සම්බන්ධ පුළුල් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය.


එසේම 2011 වසරේදී යුගදනවි බලාගාරය අක්‍රිය කිරීමට ආණ්ඩුවේම බලධාරීන් කටයුතු කළ ආකාරය ඛනිජ තෙල් මාෆියාවේ කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමට 2011 දී පත්කළ කැබිනට් අනුකමිටුව හදිසියේ විසුරුවා හැරීමේ අබිරහස ඇතුළු කරුණු රැසක්ද මෙහි අන්තර්ගතව ඇති බව හෙළි වෙයි.
මෙම කෘතිය 5 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.