Header Ads

ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් නිදහස් කිරීම සඳහා ඩොලර් මිලියන 6.6ක්

තම අත්අඩංගුවේ පසුවන ඇමරිකානු ප‍්‍රාණ ඇපකාරියක් නිදහස් කිරීම සඳහා ඉස්ලාමික රාජ්‍යය විසින් ඩොලර් මිලියන 6.6ක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙම කාන්තාව සටන්කාමීන්ගේ
අත්අඩංගුවේ පසුවෙතැයි සැලෙකෙන ඇමරිකානු සිරකරුවන් සිව්දෙනා අතරින් එක් අයකු බව පැවසේ.
සිව්වන ප‍්‍රාණ ඇපකරුවූ මාධ්‍යවේදී ජේම්ස් ෆෝලි පසුගියදා ඝාතනය කරනු ලැබූ අතර ස්ටීවන් සොට්ලොෆ්ද ජීවතුන් අතර සිටි බව දක්නට ලැබුණද ඔහුද මරා දමන බවට ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් තර්ජනය කර ඇත.
26 වියැති ඇමරිකානු තරුණිය සිරියාව තුළ සහන සේවා කටයුතු වල යෙදී සිටියදී පැහැරගනු ලැබිණි. ඇගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ ඇයගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලෙසයි.
මේ අතර ඩොලර් මිලියන 6.6ක මුදල සමග ඇමරිකානු සිරභාරයේ පසුවන මුස්ලිම් කාන්තාවක්ද නිදහස් කළ යුතු බවට ඉස්ලාමික රාජ්‍යය විසින් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ආෆියා සිද්දිකි නම් මෙම කාන්තාව ඇමරිකානු නිලධාරීන් ඝාතනයට තැත් කළ බවට චෝදනා මත ඇෆ්ගනිස්ථානයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් පුහුණුව ලද ස්නායු විiාඥවරියක වන ආෆියා නිදහස් කළ යුතු බවට මැදපෙරදිග ඇමරිකානු ක‍්‍රියාකාරකම් විවේචනය කරන විවිධ කණ්ඩායම් විසින් මින් පෙරද ඉල්ලා සිට තිබේ.
කෙසේවෙතත් ඉස්ලාමික රාජ්‍යයේ කොන්දේසිය පිළිබඳව සිද්දිකි පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ ආෆියා වෙනුවෙන් හෝ එවැනිම තරුණියක් හිංසනයට ලක්වීම අනුමත කළ නොහැකි බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.