Header Ads

සිංගප්පුරුවේදී මීටර් 800 රන් පදක්කම ගයන්තිකාට

සිංගප්පූරුවේ චොවා චුකැන්ග් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 76 වැනි සිංගප්පූරු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ මැදි දුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 ඉසව්ව
විනාඩි 2 තත්පර 06.98කදී අවසන් කොට පළමු දිනයේදීම (22දා) ලක්බිමට රන් පදක්කමක් තිළිණ කළාය.
මේ අතර පැවැති පිරිමි දුර පැනීම ඉසව්වේදී මීටර් 7.67ක දුරක් සටහන් තැබූ ජානක විමලසිරි එහි රිදී පදක්කම දිනා ගනිද්දී පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති 92 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්වේ ජාතික වාර්තාව සම කරමින් 7.85ක දුරක් සටහන් තැබූ අමිල ජයසිරිට පදක්කම් අතරට පැමිණීමට නොහැකිවීම කැපී පෙනිණි.
මෙම ඉසව්වේ රන්පදක්කම කුවේටය දිනාගෙන තිබුණේ සාලේ අල්හඩාඩ්ගේ මීටර් 7.72ක පිම්මේ උපකාරයෙනි.
පළමු දිනයේ පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක්ද එක් කරන්නට සමත්වූ හිමාෂ ඒෂාන් මීටර් 200 අවසන් තරගය තත්පර 21.41කදී අවසන් කර තිබූ අතර එහි රන් හා රිදී පදක්කම හිමිකරගෙන තිබුණේ ජපන් ක්‍රීඩකයන්ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.