Header Ads

රූමත් තරුණියන් දූෂනය කර දසවද දී ආශ්වාදය ලැබූ ඝාතකයෙක්

සාඕ පාලෝ සංරක්ෂිත වනාන්තරය 1998 ජූලි මාසයෙන් පසු තවදුරටත් මිනිසුන්ට තහනම් අඩවියක් වූයේ නැත . 
තෙදිනකදී සොයා ගැනීමට ලැබුණු තරුණියන් සිව්දෙනකුගේ මළ සිරුරු නිසා වනාන්තරය තුළට ජන ගංගාවක් ගලා ආහ. තරුණියන් මරාදැමූ ඝාතකයා
සොයා බ්‍රසීලයේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් තරගයක් ද අරඹන ලදී. ඒ වනවිටත් පොලිසියේ සැකයට පුද්ගලයන් ගණනාවක් ම ලක්වී තිබුණ ද ඝාතකයා කව්දැයි නිශ්චිතවම හඳුනාගෙන නොතිබිණි.
ජූලි හතර වැනිදා කාන්තා මළ සිරුරු දෙකක් හමුවී තිබිණි. නිරුවත් කර අමානුෂික ලෙසින් දූෂ්‍ය කර සිටි එක් කාන්තාවක් මරා දමා තිබුණේ ලේස් පටියකින් ගෙල සිර කිරීමෙනි. අනෙක් කාන්තාවගේ ගෙල ස්කාෆයකින් සිරකර ගැටගසා තිබිණි. මේ මිනීමැරුම් සිදුකරන්නේ එකම පුද්ගලයකු බවට පොලිසියට ඉව වැටුණේ ඉන් අනතුරුවයි.
මෙම ඝාතන ත්‍රිත්වය සිදුවූ දෙදිනකට පසු යළි තවත් තරුණ කාන්තා මළ සිරුරු දෙකක් හමුවීමත් සමඟ පොලිසිය මහත් අපහසුතාවයකට පත්විය. එම සිරුරු ද මුළුමනින්ම නිරුවත්ව පැවතිණි. ඔවුන්ගේ මුහුණු තිබුණේ පොළොව දෙසට හැරීය. කලින් හමුවූ සිරුරුවල මෙන්ම මේ සිරුරුවලද දෙපා ඈත්වී තිබිණි. ගෙල ලේස් පටියකින් සිරකර මරා දැමීම ද පොදු ලක්ෂණය විය.
හමුවූ එම මළ සිරුරු දෙකෙන් එක් සිරුරක් පැසිපන්දු ක්‍රීඩිකාවක වූ සෙල්මා ෆෙරෙයිරා කුවෙයිරෝස්ගේ බව හඳුනාගන්නා ලදී. ජූලි නව වැනිදා ද බලධාරීන් ඝාතක ලැයිස්තුවට එලෙස තවත් නමක් එක් කළේය. මෙලෙස දවසින් දවස සිදුවන කාන්තා ඝාතන හේතුවෙන් පොලිසියේ ඝාතන ලැයිස්තුව දීර්ඝ විය. 
ජූලි පහළොස්වැනිදා වනවිට පොලිසියට ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් ලැබිණි. කාන්තාවන් කිහිපදෙනකුම පැවසූයේ බාල දක්ෂයකුගේ පෙනුමින් යුතු තරුණයකු ඡායාරූප ගැනීම සඳහා මෝස්තර නිරූපණ ශිල්පිනියන් සොයන බවයි. ඔවුන්ට ද ඔහු ආරාධනා කර තිබිණි. සියලුදෙනාම පැවසූ කරුණුවලින් පොලිසියේ ඇසට මැවී පෙනුණේ එකම පුද්ගලයෙකි. 
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය චිත්‍ර ශිල්පියකු ගෙන්වා සැකකරුගේ රුව සිත්තම් කරවන ලදී. අනතුරුව සිත්තම්කරු විසින් අඳින ලද එම සිතුවම මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලදී. ඒ අතර සෙල්මාගේ සිරුරේ තිබී ලැබුණු ශුක්‍රාණු, අපරාධකරු පිළිබඳ දැනගත හැකි ප්‍රබල සාක්ෂියක් බවට පත්විණි.
එහෙත් අවාසනාවකට සෙල්මාගේ සිරුරේ තිබී සොයාගත් ශුක්‍රාණු පරීක්ෂණය කිරීමට තරම් පහසුකම් ඇති රසායනාගාරයක් එම පළාතේ නොතිබීම බලධාරීන්ට අපහසුවක් ගෙන දුන්නේය. වෙනත් පළාතකට රැගෙන ගොස් පරීක්ෂා කිරීමට තරම් වාහන පහසුකම් නැති බවට ද සමහර නිලධාරීහු මැසිවිලි නැඟූහ. කෙසේ හෝ අපරාධකරුගේ ඇඟිලි සැලකුණු ඔවුනට ප්‍රයෝජනවත් වී තිබිණි. මේ අනුව සැකකරු ලැයිස්තුවේ සිටි ෆ්‍රැන්සිස්කෝ ඩී අයිස් පෙරෙයිරා අගෝස්තු හතරවැනිදා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
ඔහු සේවයකයන්ට කෝපි සපයන්නකු ලෙස සේවය කළ අයෙකි.
තමන්ගේ රුවත් සැකකරුවන්ගේ සේයාරූ එකතුවේ ඇති බව දැනගත් ෆ්‍රැන්සිස්කෝ රට හැර පලාගොස් ආජන්ටිනාවේ පදිංචි විය. එම ගමනේදී පොලිස් මාර්ග බාධක කිහිපයක් පසු කළ ද කිසිවකුටත් ඔහු හඳුනාගත නොහැකි විය.
පොලිසියට ෆ්‍රැන්සිස්කෝ පිළිබඳ සැකයක් ඇතිවුණේ ඔහු සේවය කළ තැන තිබී හමුවූ අඩක් පිලිස්සුණු ඔහුගේ හැඳුනුම්පත හමුවීමෙන් පසුවය. බාගෙට පිලිස්සුණු ඔහුගේ හැඳුනුම්පත වැසිකිළිවළේ සිරවී තිබියදී වෙනත් සේවකයකු විසින් හඳුනාගන්නා ලදී.
බ්‍රසීල උරුගුවේ දේශ සීමාවේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ ධීවර පවුලක් සමඟ ජීවත් වෙද්දීය.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී තමන් තරුණියන් නවදෙනකු ඝාතනය කළ බවට පාපොච්චාරණය කළේය. පසුදා පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවල නිර්මාපකයා වූයේ ෆ්‍රැන්සිස්කෝ ය.
1995 වසරේදී ද පොලිසිය ෆ්‍රැන්සිස්කෝ ඝාතකයකු ලෙස සැකකර අත්අඩංගුවට ගෙන තිබිණි. එහෙත් පසුව ඔහු ඇප පිට නිදහස් කරන ලදී. තමන් සියලු මිනීමැරුම් කළේ යක්ෂයාගේ වුවමනාවට බව පාපොච්චාරණයේදී ෆ්‍රැන්සිස්කෝ පැවසීය.
සුන්දර තරුණියන් වෙත ළංවී මෝස්තර නිරූපිකාවක් වීමෙන් ඔවුන්ට දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව ෆ්‍රැන්සිස්කෝ පැවසුවේ ඔහුට අවනත නොවී සිටීමට නොසිතෙන තරම් ලෙන්ගතුව ය. ඔහුගේ සැබෑ ස්වරූපය අවදිවූයේ ඡායාරූප ගැනීමට උද්‍යානයට ගිය පසුය. ඔහු තරුණියන්ගේ ගෙල ලේස් පටියකින් හිර කර ඝාතනය කිරීමට පෙර නොවිඳිනා වධ දුන්නේ ය. හපාකමින් ශරීරයේ සියුම්ම තැන්වලින් පවා කෑලි කඩාගැනීමට පෙළැඹුණේය.
“මට ජීවිතේ මේ අඳුරු පැත්ත නැති කරගන්න ඕන වුණා. දෙවියන්ට කොතෙක් යාඤ්ඤා කළත් සිතිවිලි මර්ධනය කරගන්න බැරිවුණා. මාත් එක්ක ගෑනු ළමයි එන්න එපා. ඒ අයට දුවලා ගැලවිලා යන්න පුළුවන් වෙන්න හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කළා.”
ඔහු නීතිය ඉදිරියේ පැවසුවේ එවැන්නකි.
ඔහුගේ කතාව සියලු රූපවාහිනී මාධ්‍ය මඟින් විකාශය කරන ලදී. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ෆ්‍රැන්සිස්කෝ මානසික රෝගියකු බව පවසා දඬුවම ලිහිල් කිරීමට උත්සහ ගත්ත ද ඉන් පලක් නොවීය.
ෆ්‍රැන්සිස්කෝ විසින් ඝාතනය කළ තරුණියෝ උද්‍යානයේ ම වළලන ලද අතර ඔහුගේ බොහෝ ඉලක්කය වූයේ වයස අවුරුදු 18-24 අතර තරුණියන් ඝාතනය කිරීමය.
සැබැවින් ම ෆ්‍රැන්සිස්කෝගේ ගොදුරු ගණන අටක් නොව ඊට වැඩිය. මියගිය තරුණියන් බොහෝදෙනකුගේ තොරතුරු ඔහුගේ මතකයේ තිබුණ ද ඇතැමුන් පිළිබඳ ඔහුගේ මතකය ගිලිහී ගොසින්ය. ඔහු දසවැනි වරට ඝාතනය කර තිබුණේ පහළොස්හැවිරිදි දැරියකි.
මිලේච්ඡ ආකාරයට තරුණියන් ඝාතනය කළ වරදට ප්‍රැන්සිස්කෝට වසර 268 කසිර දඬුවමක් ලැබිණි. ෆ්‍රැන්සිස්කෝ මරාදැමීමට අනෙක් සිරකරුවන් කොපමණ උත්සහ දැරුවද ඒ සියල්ල අසාර්ථකවූයේ ඔහුට දැඩි ආරක්ෂාව යොදා තිබුණු හෙයිනි. දැන් හතළිස් හය හැවිරිදි ඔහු බිත්ති හතරකට කොටුවී අහිංසක තරුණියන්ගේ ජීවිතවලට වන්දි ගෙවන්නේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.