Header Ads

කුඩු තිලාන්ට පිටරට යන්න පොලීසියත් සහය දීලා

කුඩු තිලාන්ට මෙරටින් පැන යාමට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍රය සැකසීමට උදව් උපකාර කළ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියකු හා ‍පොලිස්
මූලස්ථානයේ සේවය කරන කළමනාකරණ සහකාරවරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියා කුඩු තිලාන්ගේ ඥාති සහෝදරයකු බව හෙළි වී තිබේ. ඔහුගේ මිත්‍රයකු වන ‍පොලිස් මූලස්ථානයේ සේවය කරන කළමනාකරණ සහකාරවරයකු හරහා මෙම විදෙස් ගමන් බලපත්‍රය සකසාගෙන ඇත.


ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා ඔහු රුපියල් ලක්ෂ දෙකක මුදලක් වැය කර ඇති බව හෙළි වී තිබේ.

කුඩු තිලාන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු මුළු ශරීරයේම රත්තරන් පැලඳ සිට ඇති අතර එම ප්‍රමාණය රත්තරන් පවුම් 15ක් පමණ බව ‍පොලිසිය සඳහන් කරයි.විදෙස් ගමන් බලපත්‍රය සැකසීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. ඔහුද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුද්ගලයකු බව සඳහන් වේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.