Header Ads

කුරාම්ෂයික් ඝාතන නඩුවේ විත්තිකරුවන්ට දුන් දඩුවම ප්‍රමාණවත් නෑ

කුරාම්ෂයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් හතරදෙනාට අධිකරණය විසින් ලබාදුන් දඩුවම ප්‍රමාණවත් නොවේ යැයි
නීතිපතිතුමා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
එම නඩුව ගොනුකර ඇත්තේ, විත්තිකරුවන් හතරදෙනාට දුන් දඩුවම වැඩිකරන ලෙස ඉල්ලාය.
තංගල්ල සංචාරක හෝටලයක පැවැති සාදයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනයකිරීම ඇතුළු අධිචෝදනා 17ක් යටතේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට වසර 20ක සිර දඩුවමක් පසුගියදා නියම විය.
2011දෙසැම්බර් 25වැනිදා තංගල්ල ද නේචර් හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතිකකුරාම්ෂෙයික් නමැත්තා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික තරුණ පෙම්වතිය සමූහදූෂණයට ලක් කිරීම මොවුන්ට ඇති චෝදනාය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න..

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.