Header Ads

ජවිපෙ සාමාජිකයින්ට වෙඩි ප්‍රහාර

බඩල්කුඹුර නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් සඳහා වේදිකාව සකස් කරමින් සිටි එම පක්ෂයේ සාමාජිකයින් පිරිසක් හට මැර ප්‍රහාරයක්
එල්ල වී තිබේ.
අද (26) අළුයම 1.00ට පමණ බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමග පැමිණි මැර පිරිසක් විසිව් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වේ.
අදාල මැර පිරිස පොළු මුගුරුද සමග පැමිණ ජවිපෙ සාමාජිකයින් හට පහර දී දේපළවලට ද අලාභ හානි සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර බොහෝ වේලාවකට පසුව පොලීසිය පැමිණි බවත් පොලීසිය එම ස්ථානයේ රැඳී සිටියදීම මැර පිරිස් විසින් වෙඩි තැබීමක්ද සිදු කළ බවත් වාර්තා වේ.
පහරදීමෙන් ජවිපෙ සාමාජිකයින් කිහිපදෙනෙකුට තුවාල සිදු වී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.