Header Ads

ගල්ගමුවේදී පැහැර ගත් දරුවා බේරා ගනී.

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලැබ සිටි ගල්ගමුව, මීගලෑව දිනිදු යසේන් ලංකානාත් ඒකනායක (4) දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුම දියත් කළ අකාරය
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍යට හෙළි කළේ ය.  

පසුගිය 28 වන දා රාත්‍රීයේ පැහැර ගැනීමට ලක් වූ දිනිදු යසේන් ලංකානාත් ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බේරාගනු ලැබිණ.

දරුවා පැහැර ගැනීමට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් සිදු කළ පහරදීම් හේතුවෙන් දරුවාගේ මව සහ පියා ද තුවාල ලැබූහ
පැහැර ගැනීමට ලක් ව සිට යළි සොයා ගැනුණු මීගලෑව දිනිදු යෂේන් ඒකනායක දරුවා අද කොළඹට රැගෙන එනු ලැබීය. දරුවා  අද පළමුවරට මධ්‍ය හමුවට ඉදිරිපත් කළේ ය. ඒ පොලිස් මූලස්ථානයේදී අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම සිදු වීමේදී බොහෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ධනාත්මක ලෙස මාධ්‍යකරණයේ නිරත වූ බව ය.
ඔහු සියලු මාධ්‍ය ආයතනවලට ස්තුති කරමින් වැඩිදුරට ත් පැවසුවේ, ඉදිරියේදී ද මෙවැනි සිදුවීම්වලදී යහපත් මාධ්‍ය හැසිරීමක් බලාපොරොත්තු වන බව ය.
මෙම සිදුවීමේදී විවිධ පාර්ශව පොලීසියට දෝෂාරෝපණය කළ ද මෙහෙයුම අවසන් වන තෙක් මධ්‍යට කරුණු හෙළි කිරීමෙන් වැළකී සිටියේ දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමේ අරමුණින් බව ද  පොලීසිය සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.