Header Ads

මේ රජය බුද්ධ ශාසනය විනාශ කරනවා- මහනායක හිමි


මහනායක හිමියන් වාසියට බොරු කියනවා- අගමැති


ඊයේ මාතලේ පැවති සමස්ත ලංකා ජාතික
දින උත්සවයේදී කලකට පසු අගමැතිවරයා හා මහනායක හිමියන් හමුවුණා.


සර්වාගමික පූට්ටුවක් අටවා බුද්ධ ශාසනය විනාශකිරීමේ වගකීම අගමැතිවරයා පටන්ගන ඇති බවට චෝදනා නැඟෙන අතරේ මහනායක හිමියන් පැවසුවේ බුද්ධ ශාසනය විනාශ කිරීමට රජය ක්‍රියා කරන බවයි.

එහිදී අගමැතිවරයා පැවසුවේ මහනායක හිමියන් තම වාසියට බොරු කියනා බවයි.

එහිදී පළමුවෙන් අදහස් දැක්වූ මහනායක හිමියන්,

"මධ්‍යම පලාත් සභාවට අද ලිපියක් එවලා තියනවා යම්කිසි මුදලක් මධ්‍යම පලාත්සභාවෙන් යෙදෙනවා නම් ඒ පලාත් සභාවට එම ආයතනය ලියවිල්ලකින් පවරගන්න කියලා. පන්සලකට හෝ දහම් පාසලකට යම් කිසි මුදලක් පළාත් සභාවෙන් දෙනවානම් ඒ පළාත් සභාවට ලියවිල්ලකින් පන්සල පවරන්න ඕන කියලා.

අපේ හාමුදුරුවරු ගැලවෙන්න ඕන බේරෙන්න ඕන ඒ විදියේ මුදලට කෑදර නොවී රජයෙන් ගන්නවානම් ඔබ වහන්සේ නොදැනුවත්කමින් තම පන්සල රජයට පවරන එකයි කියන්නෙ. ඒ නිසා රජයෙන් මුදලක් ලබනවා නම් ඔබ වහන්සේ ලියවිල්ලකට අස්සන් කරලා දෙන්න එපා.

ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ හාමුදුරුවෝ පිරිසක් මේ කතාවම කිව්වා. ඉතිං මේක රජයේ ශාසනය දියුණුකිරීම සඳහා ගෙනයන ක්‍රියාදාමයක්ද? ශාසනය නැතිකිරීම සඳහා කරනු ලබන ක්‍රියාදාමයක් විදිහට මේ අවස්ථාවේ මං දැනගන්න කැමතියි.

තීති කෙටුම්පතේ 1815 ඉඳලා තියෙන්නේ මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා කළ යුතුයි, පෝෂණය කළ යුතුයි, නඟාසිටුවිය යුතුයි කියලා. අපට පේනවා අද වර්තමානය වෙනකොට සම්පූර්ණ බුද්ධ ශාසනය මේ රජයෙන් විනාශ කිරීමේ ක්‍රියාදාමයක් යටින් ගෙනියන බව."

අනතුරුව සභාව ඇමතුවේ සභාවේ ආරාධිත අමුත්තා ලෙස පැමිණි අගමැතිතුමාය. එහිදී ඔහු පැවසුවේ,

"අපේ මහානායක හාමුදුරුවන්ට ඕනේ එකක් කියන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා තමන්ගේ වාසියට වැරදි දේකුත් කියනවා. ඒ නිසා අපේ අයියලා ටිකක් පරෙස්සම් වෙන්න ඕනේ, කියනකොට ඒගොල්ලෝ තමන්ගේ වාසියට කියනවා. මහනායක හාමුදුරුවෝ ඒ වගේ ඒවා කියලා තියනවා කීපයක්. මං පස්සේ කියන්නම් ඒවා."

එයට පිළිතුරු දුන් මහනායක හාමුදුරුවන් පැවසුවේ,

මෑතකදී අපිට රහස් පණිවිඩයක් එවනවා වැදගත් තැනකින්, බුද්ධශාසන ඇමතිකමින් අගමැතිතුමාට අස්වෙන්න කියලා මහනායක හාමුදුරුවෝ ඉල්ලීමක් කරන්න. එතුමා කෙරෙහි බොහෝම කෙනෙක් කලකිලා ඉන්නවා. එතුමාට අපි වෙන පදවියක් දෙන්නම් ඔබ වහන්සේ කරුණාකරලා අගමැතිතුමාට කියන්න බුද්ධශාසන ඇමතිකම අත හරින්න කියලා මට රහස් පණිවියයක් එව්වා

මම කිව්වා බලලුන් ලවා කොස් ඇට බාවන කෙනෙක් නෙවෙයි, අගමැතිකම පත්කරේ ජනාධිපතිතුමා, ජනාධිපතිතුමාට පුළුවන්කම තිබෙනවා අගමැතිතුමා හොඳ නැත්නම් එතුමා අස් කරන්න. අපි ලවා කොස් ඇට බාවන්න එපා කිව්වා.

එයට අගමැතිවරයා පැවසුවේ,

මම අගමැතිකම කිව්වේ කෝට් එකක් කියලා. හම්බවුන දවසෙම මම සභාවට ප්‍රකාශයක් කළා. මම කියලා තියෙන්නේ අගමැතිකම අහෝසි කරන්න කියලා. 1970දී ජනාධිපතිතුමාට තිබුණ බලය හා සමානයි දැන් ජනාධිපතිතුමාට තියන බලය. පාර්ලිමේන්තුවටයි බලය තියෙන්නේ. පාර්ලිමේන්තුවට තියන බලය තුලයි එකතුමා ක්‍රියාත්මක වෙන්නේ.

එම දෙබස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින්.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.