Header Ads

යදමින් බැඳ අඳුරු කාමරයක් තුළ දියණිය සිරකර තැබූ කොච්චිකඩේ මව අත්අඩංගුවට

කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දම්වැල් දමා බැඳ සිය දියණියට වධ හිංසා කළ බවට සැකපිට ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ අත්අඩංගුවට ගත් 3
4 හැවිරිදි අදාළ කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
අත්අඩංගුවට ගත් මව කුලී වැඩ කරන්නියක බව ත් ඇය නිවසින් පිටව යන අවස්ථාවලදී දැරිය කාමරයක් තුළ දම්වැල් දමා බැඳ සිරකර යන බවට ත් තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ තව ත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු ද  අසල නිවසක සිටියදී සොයා ගත් බව ය.
කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක අඳුරු කාමරයක් තුළ දම්වැල් දමා බැඳ සිටියදී මෙම 10 හැවිරිදි දැරිය ඊයේ සොයා ගැනිණ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.  

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.