Header Ads

යුනිස් ඛාන් දෙවන එක්දින තරගය අත්හැර පකිස්ථානයට යයි

පළමු එක්දින තරගය පරාජය වුවත් හෙට තරගයට සහභාගීවන කණ්ඩායමේ වෙනසක් කිරීමට බ‍ලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ පැවැත්වීමට නියමිතව තිබුනේ අනිද්දායි.
එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් එම තරගය ‍හම්බන්තොට සූරියවැවදී හෙට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුව තීරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්
කණ්ඩායමේ වෙනසක් අපි තාම තීරණය කරල නැහැ, මොකද අපිට හෙට වෙනකං හරියට කියන්න බැහැ. මම පෞද්ගලිකව හිතනව ලොකු වෙනසක් කරන්න ඔනෙ නැහැ කියල අපි එක තරගයකින් එක්කෙනෙක්ව එළියට දාන්නත් බැහැ. අපි එළියට දානවනම් මේ තනතිල්ලේ ස්වභායව අනුව විතරයි.
පෞද්ගලික හේතුවෙක් මත නැවත සිය රටට යාම හේතුවෙන් හෙට තරගයට පකිස්ථාන ක්‍රීඩක යුනිස් ඛාන් ක්‍රීඩා නොකරන ඇති.
පන්දුව යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ සහීඩ් අජ්මාල්ගේ සහයෝගය ද පකිස්ථාන කණ්ඩායමට අහිමි වී තිබේ.
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක මිශ්බාහ් උල්-හක්
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහාය කණ්ඩායමක‍ට අහිමිවීම විශාල පාඩුවක්, පසුගිය තරගයේදී අජ්මාල්, දැන් යුනිස් ඛාන්, නමුත් වෘත්තීමය ක්‍රීඩකයින් විධියට අප මෙවැනි අවස්ථාවලදී සාර්ථකව මුහුණ දිය යුතුයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.