Header Ads

පොලිස් සුනඛයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීගේ ගේ ඇතුලෙන් නතර වේ

වැඩබිමකට(සුනඛයා)අනවසරයෙන් ඇතුළු වී පරිගණක, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් සහ මුදල් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බුලත්සිංහල
ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී්‍රවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වැඩබිම් බාරකරුවන් විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ 15 දෙනෙකුගෙන් පමණ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වැඩබිමට ඇතුළු වී මෙම මංකොල්ලය සිදු කර තිබූ බවටය.
සොරුන් ඇල්ලීම වෙනුවෙන්ම පුහුණු කළ ග්‍රේරෝ සුනඛයා වැඩබිමට ඇතුළු වීමෙන් අනතුරුව ඉව ඔස්සේ කිලෝ මීටර් හතරක් දුරින් පිහිටි ප්‍රාදේශීය සභා මන්තී්‍රවරයාගේ නිවස වෙත ගමන් කර ඇති අතර ඒ අනූව අදාල මන්තී්‍රවරයා මෙම මංකොල්ලයට සැකකරුවෙකු බව හඳුනා ගැණුනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.