Header Ads

ලෝකය පුරා ඔත්තු බලන ස්මාට්ෆෝන්

යමෙකු භාවිතා කරන ඇන්ඩ්‍රොයිඞ් දුරකථනයක් ඔහුගේ අවසරයකින් තොරව මයික්‍රොෆෝනයක් බවට පත් කළ හැකි බව අනාවරණය වී තිබේ.
දිශානතිය මැනීම සඳහා දුරකථනයේ
අන්තර්ගත කර ඇති උපාංගය මේ සඳහා භාවිතා කරන බව පැවසේ.
මෙය තහවුරු කිරීම සඳහා රෆායෙල් නම් ආරක්ෂක සමාගම ස්ටෑන්ෆර්ඞ් ආයතනයේ පර්යේෂකයින් හා එක්ව ඇති අතර ඔවුන් ගයිරොෆෝන් හෙවත් විභ‍්‍රමකථනය නම් ඇන්ඩ්‍රොයිඞ් වැඩසටහනක් නිපදවා තිබේ.
එමගින් විභ‍්‍රමේක්ෂයේ ඇති කම්පනය වන පීඩන තැටි මගින් මිනිස් සවන පරාසයේ ශබ්දයන් ග‍්‍රහණය කළ හැකි බව පැවසේ.
ස්ටැන්ෆෝර්ඞ් පර්යේෂකයින් පවසා ඇත්තේ නූතන ස්මාට්ෆෝන් තුළන් ආසන්නයේ ඇති ශබ්ද සංඥා මිනිය හැකි බවයි.
ඒවා සාමාන්‍යයෙන් හර්ට්ස් 200ට අඩු, ඉතා අඩු සංඛ්‍යාත පරාසයේ වුවත් සංඥා සැකසීම හා තාක්ෂණික උපකරණ භාවිතය මගින් කථා කරන්නා පිළිබඳ තොරතුරු මෙන්ම කථා කරන කරුණුද ග‍්‍රහණය කරගත හැකි බව ඔවුන් විසින් පවසා ඇත.
ඒ අනුව පර්යේෂකයන් පවසන්නේ ස්මාට්ෆෝන් හරහා එහි හිමිකරුගේ අවසරයකින් තොරව සන්නිවේදන දත්ත ග‍්‍රහණය කළ හැකි බවයි.
මේ වන විට දුරස්ථ පාලන සංඥා මගින් ස්මාට්ෆෝනය මයික්‍රොෆෝනයක් බවට පත්කළ හැකි සරල මෘදුකාංග පවා නිර්මාණය කර ඇතැයිද වාර්තා වේ.
මේ පිළිබඳව හිටපු ඇමරිකානු ඔත්තුසේවා නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින්ද අනතුරු හගවන ලදී.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.