Header Ads

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් මාසිකව වැටුප් ගන්නා ‍පොලිස් නිලධාරීන්

මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස හඳුනාගෙන සිටින වෙ‍ලේ සුදාගෙන් මාසිකව වැටුප් සහ විවිධ වරප්‍රසාද ගන්නා ‍පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබඳව
බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජාත්‍යන්තර ‍පොලීසියෙන් රතු නිවේදනයක් පවා නිකුත් කර සිටින වෙ‍ලේ සුදාගේ පරීක්ෂණ ලිපිගොනු පිටපත් සහ තොරතුරු පවා මෙම ‍පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ අතට පත්කර තිබිම ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ ප්‍රබලයින් තම දරුවන් ‍පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ දරුවන්ට විවාහ කරදීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇතිවී තිබෙන බව එම බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කළේය. මෑතකදී එවන් විවාහයන් කිහිපයක්ම සිදුවූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න..

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.