Header Ads

ලංකා පිල සූරියවැවෙන් මතුවිය යුතුය.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26දා) ආරම්භ වීමට නියමිතය.
මෙම ක්‍රීඩාංගණයේදී පැවැති
පසුගිය තරගය ජයගත් පාකිස්තානුවන් යහපත් මානසිකත්වයකින් යුක්ත වුවද තරගාවලියක යළි නැඟී සිටීමට හැකි කණ්ඩායමක් ලෙස ප්‍රකටව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නොයෙක් විධි ක්‍රම සොයා අද තරගය කෙසේ හෝ ජයගැනීමට පිඹුරුපත් සකසාගෙන ඇතිවාට සැක නැත.

මේ වනවිට එක්දින ශේ්‍රණි ලකුණු 110ක් ලබා සිවුවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය පරාජයට පත්වුවහොත් තරගාවලියද පරාජය වී ශේ්‍රණි ලකුණු 109ක් ලබා පස්වැනි ස්ථානය දක්වා ඇදවැටීමේ අවදානමට ලක්ව සිටී.


අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවිය හැකි අතර පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් තරගාවලිය නියෝජනය කළ යුනිස් ඛාන් තම පවුලේ ඥාතියකුගේ අභාවය හේතුවෙන් නැවැත සිය රට බලා ගොස් ඇති නිසා ඔහු වෙනුවට නවකයකු නම් කිරීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව කුලසේකර වෙනුවට සික්කුගේ ප්‍රසන්න අද තරගයට කැඳවීමට ඉඩ ඇත.


දෙරට අතර මේ වනවිට පවත්වා ඇති එක්දින තරග 140න් 81ක ජය පාකිස්තානය සතුවත්, 54ක ජය ශ්‍රී ලංකාව සතුවත් පවතින අතර, පාකිස්තානුවන් 2006 වසරෙන් පසු ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගෙන නොමැතිවීමද කැපී පෙනේ. 2006 වසරේද ශ්‍රී ලංකාවේදී පැවැති තරග තුනකින් සමන්විත එම එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන තිබුණේ පාකිස්තාන කණ්ඩායමයි.

මෙම ක්‍රීඩාංගණයේ රාත්‍රී කාලයේදී පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය දෙපිලටම වැදගත් සාධකයක් වනු ඇති අතර, යම් හෙයකින් අද තරගයේදී වර්ෂාවෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ වෙනුවට හෙට අතිරේක දිනයක් ලෙසද නම් කර ඇත.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.