Header Ads

දරුවා “ඉස්සු” සැකකරුවන් භාවිත කොට ඇති දුරකථන ජාල සමාගම්වලටත් නඩු

මීගලෑව ප‍්‍රදේශයේ නිවසේ සිටියදී දිනිදු යෂේන් පුතා පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන් භාවිත කොට ඇති එකම ජාලයක දුරකතන සිම්පත් හිමි දුරකතන සමාගමට එරෙහිව
නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
එම දුරකතන ජාලයට හිමි සිම්පත් නියෝජිතයන් මගින් පාරිභෝගියන් වෙත අලෙවියේදී අන්‍යතාව තහවුරු කරනොගෙන එක් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත් පිටපත් ගණනාවකින් නිකුත් කර ඇති බව මෙම පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පැවැසී ය.
එබැවින් මෙම පැහැරගැනීමේ සිද්ධියට යොදාගෙන තිබූ සිම්පත් 8 සම්බන්ධයෙන් තොරතුරු රැස්කොට ඇති අතර, මෙම සිද්ධියට අනුබල දුන්නේ යැයි කියන චෝදනාව මත අදාළ දුරකතන සමාගමට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව සැකකරුවන් දිනිදු යෂේන් පුතා පැහැරගෙන ගොස් රදවා ගෙන සිටි බව කියන සිද්ධියට මාසයකට පමණ පෙර රු. 20,000ක කුලියකට ඉදිරි මාස 6ක් සඳහා ලබාගෙන ඇති නිවසේ හිමිකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීම ද අරඹා තිබේ.
මොවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් අපරාධකරුවන් බව දැන දැනම ඊට අනුබලදීමක් වශයෙන් නිවස කුලියට දී ඇත්නම් ඔවුන්ට එරෙහිව ද නඩ පැවරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.