Header Ads

ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධියේ වැදගත් සාක්ෂිකරුවෙකුගේ මළ සිරුරක් ළිඳකින් සොයා ගනී

පුත්තලම, නවගත්තේගම ප්‍රදේශයේදී පාසල් ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකුගේ මළ සිරුරක්
අද පස්වරුවේ සොයා ගැනිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නිවසෙහි පාළු ළිඳක තිබී එම මළ සිරුර හමු වී ඇති බව ය.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු සිටින අතර ‍මියගොස් සිටින පුද්ගලයා ද එහි වැදගත් සාක්ෂිකරුවෙකුව සිටි බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.