Header Ads

කොළඹට වතුර ඇන හිටි හේතුව මෙන්න


කොළඹ අවට ඇතැම් ප්‍රදේශවලට පසුගිය 02 වන දා පෙරවරු 9 සිට අත්හිටවූ ජල සැපයුම මේ අද (05) දින උදෑසන දක්වා යථා තත්ත්වයට
පත් කිරීමට හැකියාවක් ලැබී නොතිබිණි. 



මේවනවිට එම ජලසපැයුම යථා තත්වයට පත්ව ඇතයි දැනුම් දී ඇති අතර ජල සැපයුම අඩාල වීම හේතුවෙන් දින දෙකක් පුරා ජාල සැපයුම අහිමිවූ පිරිස් විශාල අපහසුතාවලට මුහුණ පා තිබුණි. 

විශේෂයෙන්ම අද දින උසස්පෙළ විභාගය සඳහා පිටත්ව ගිය සිසුන්ට නිවසින් එලියට බැසීමට සිදුව තිබුනේ අතිශය දුෂ්කරතා මධ්‍යයයේදීය. 

පැය 36ක් ඇතුළත අදාළ නඩත්තු කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කළ ද අයහපත කාලගුණය හා තාක්ෂණික හේතු මත එය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වූ ජලසම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත්කොට මාධ්‍යය දැනුවත්කොට තිබුණි. 

මෙම ජල සැපයුම අහිමිවීමට මුලික ලෙසම බලපා ඇත්තේ දියවන්නා ඔයේ නිදහසේ බෝට්ටු පැදීමට හැකිවන පරිදි බත්තරමුල්ල පාර්ලිමේන්තු මන්සන්දිය අසළ තිබෙන පාලම උස් කිරීම නිසා සිදුවූ නඩත්තු කටයුත්තකි. 

පෙර තිබූ පාලමත් සමගම කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නලයද පිහිටා තිබූ අතර එම නලය පාලමට සමාන්තරව උස් කිරීමට යෑමෙන් ජල සැපයුම බිඳවැටී ඇත. 

ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ අනුමැතියකින් තොරව මහාමාර්ග ඉංජිනේරුවරුන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝග මත මෙම පාලම උස්කිරීමේ කටයුතු සිදුකොට ඇති බව වාර්තා වේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.