Header Ads

නොවැම්බර් 01 වැනි දා සිට Facebook මාසික ව ගාස්තුවක් අය කිරීමේ ඇත්ත කතාව

Facebook සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන පුද්ගලයින්ගෙන් මාසික ව ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කළ බවට පළ පුවත
අසත්‍යයක් බව Facebook සමාගම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති පුවත් වෙබ් අඩවිවල දැක්වෙන්නේ Facebook සමාගම එය භාවිත කරන්නන්ගෙන් කිසිදු ගාස්තුවක් අය කිරීමට තීරණයක් ගෙන නොමැති බවය.
මීට පෙර පළ වූ වාර්තාවල සඳහන් වූයේ නොවැම්බර් 01 වැනි දා සිට සෑම Facebook සාමාජිකයෙකුගෙන් ම මාසිකව අමෙරිකානු ඩොලර් 2.99ක ගාස්තුවක් අය කිරීමට එම සමාගම තීරණය කර ඇති බවයි.
ඔවුන් එම පුවත පළ කර තිබුණේ Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ගේ උපුටා දැක්වීම් ද සමගිනි.
මාසික ගාස්තුවක් අය නොකළහොත් Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇතැයි එම උපුටා දැක්වීම්වල සඳහන් ව තිබේ.
එහෙත් එම උපුටා දැක්වීම් ගොතන ලද ඒවා බව Facebook සමාගම නිවේදනය කර ඇත.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.