Header Ads

ලංකාවේ 10 න් 01 කට පිස්සු

ශ්‍රී ලංකාවේ ජනහණයෙන් 10% කට මානසික රෝග ඇති බවත් ඉන් වැඩි ම පිරිස වාර්තාවන්නේ පුත්තලමෙන් බවත්
මේ වනවිට සිදු කර ඇති සමීක්ෂණවලින් අනාවරණ වී තිබේ.
කායික සහ මානසික සෞඛ්‍යය යනු එකකට එකක් නොදවෛනි වැදගත් විෂයන් දෙකකි. එහෙත් ශ්‍රී ලංකාව තුළ කායික සෞඛ්‍යයට සාපේක්ෂ ව මානසික සෞඛ්‍යයට හිමිවනුයේ අඩු සැලකිල්ලකි.
ශ්‍රී ලාංකිකයින්ගේ වත්මන් මානසික ගැටළු සහ ඒවායේ ස්වභාවයන් අනාගත ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ගැටළු සහ ඊට විසඳුම් පුරෝකථනය කරමින් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ බ්‍රිතාන්‍යයේ කීල් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය අතුල සුමතිපාල (MBBS,DFM,MD) FSLcap (Sri Lanka) MRC Psych,CCST (uk)PHD (London) මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ පළමු වරට ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත මානසික සෞඛ්‍ය සමීක්ෂණය ජාතික වශයෙන් වැදගත්කමක් ගනී. 
ඉතා කෙටි කලකින් නියැඳි 10,000ක් යොදාගෙන උතුරු නැගෙනහිර පළාත් හැර සෙසු පළාත් ආවරණයවන පරිදි එම සමීක්ෂණය සාර්ථක ව නිම කිරීමට හැකි වූ බව හෙතෙම සඳහන් කර තිබේ.
එසේ ම රටේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට අවශ්‍ය දත්ත රාශියක් මේ සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% කට කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බවත් රටේ මුළු ජනගහනයෙන් 2.4 දරුණු මානසික අවපීඩනය  නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් මෙම සමීක්ෂණය මගින් තහවුරු වී තිබේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.