Header Ads

එම්එච්17 ගුවන් යානය ඉහළ අහසේ දී පුපුරා ගිහින් ?

මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 298 දෙනකු සමග අනතුරට ලක්වූ මැලේසියානු එම්එච්17 ගුවන් යානය ඉහළ අහසේ දී අධි බලැති ද්‍රව්‍ය ගණනාවක ගැටීමෙන් සිදුරු වී පුපුරා ගිය බවට
නෙදර්ලන්ත වාර්තාවක් පවසයි.
එහි සිටි මගීන් බොහොමයක් නෙදර්ලන්ත ජාතිකයන් වන අතර මෙම වාර්තාව නිකුත් කර තිබුණේ නෙදර්ලන්ත ආරක්ෂක මණ්ඩලය විසිනි.
ඇම්ස්ටර්ඩෑමයේ සිට ක්වාලාලාම්පූර් බලා යන අතරතුර මෙම ගුවන් යානය අනතුරට ලක්වූයේ සටන්කාමීන්ගේ පාලන කලාපයට ඉහළින් වූ යුක්රේන අහසේ දී ය.
මෙය බොහෝවිට ප‍්‍රබල මිසයිල ප‍්‍රහාරයකට ලක්ව ඉහළ අහසේ දී කුඩා කැබලිවන්නට ඇතැයි එම වාර්තාවේ පවතින සාක්ෂි ඔස්සේ සැක පළකෙරෙන බව එරට වාර්තා පෙන්වා දී තිබේ.
යානයේ නියමු කුටියේ සංඥා, කළු පෙට්ටිය, සැටලයිට් ඡායාරූප, ගුවන් පාලක මැදිරියේ තොරතුරු ආශ‍්‍රයෙන් මෙම වාර්තාව සකස් කර තිබේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.