Header Ads

කඩපු 2 වෙනුවට ඇමරිකාව 7 ක් හදයි

ඇමෙරිකානු ඉතිහාසයේ අඳුරුතම සිදුවීමක් වන නිව්යෝක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදීන් පහරදී
අදට වසර 13ක් සපිරේ.


2001 වර්ෂයේ අද වැනි දිනක අල්කයිඩා ත්‍රස්තවාදීන් මගී ගුවන් යානා දෙකක් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් 3000කට අධික පිරිසක් මිය ගියහ.එම පිරිස අතර ‍පොලිස් නිලධාරීන් හා ගිනි නිවන භටයෝ 400කට අධික පිරිසක් ද වූහ.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අමතරව ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි පෙන්ටගනයටද ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අතර එයටද මගී ගුවන් යානයක් යොදා ගැනිණි.ප්‍රහාරය එල්ල කිරීමට බොයිං 767 වර්ගයේ ගුවන් යානා යොදාගත් අතර මහල් 110කින් යුත් එම ගොඩනැගිල්‍ලේ 80 වැනි මහ‍ලේ අදාළ යානය ගැටීමට සලස්වන ලදී.

යානය ගැටුණු මොහොතේම පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගිය අතර ගොඩනැගිල්‍ලේ සිරවුණු පිරිස ඉවත්වීමට වෙර දරන අවස්ථාවේදීම දෙවැනි ගුවන් යානය එක ළඟ පිහිටි අනෙක් කුලුනේ 60 වැනි මහ‍ලේ ගැටිණි.එමෙන්ම පෙන්ටගනයට එල්ල කරනු ලැබූ ප්‍රහාරයෙන් හමුදා නිලධාරීහු 125 දෙනෙක්ද මිය ගියහ.

මෙම ප්‍රහාරයෙන් විනාශ වු  ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුණු දෙක වෙනුවට ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුණු 7ක් සෑදීමට ඇමරිකාව තීරණය කර තිබේ. ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල ඉදිකිරීමට යොජිත මේ අතරින් කිහිපයක ඉදිකිරීම් මේ වන විට අරඹා ඇති බව ද වාර්තා වෙයි.

මෙයින් ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටුවා ඇති ස්ථානයේ ම ඉදිකරන ගොඩනැගිල්ල බොහෝ දුරට මේ වසරේ විවෘත වනු ඇති බව විදෙස් වාර්තා කියයි. freedom tower ලෙස නම් කර ඇති මෙම කුළුණෙ සාප්පු සංකීර්ණයක් කාර්යාල සංකිර්ණයක් සහ ලෝක වෙලද මධ්‍යස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයේ සමරු ඇතුළත් කෞතුකාගාරයක් සහ එම ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සැකසු සමරු ඵලකයක් ද පිහිටුවා ඇතැයි වාර්තා වෙයි.



මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.