Header Ads

ජවිපෙ ආධාරකරුවන් පිරිසකට මොනරාගලදී ප්‍රහාර 2ක්

ජනතා විමුක්ති පෙරමුණේ අධාරකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධි දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
උදෑසන 6
.30 ත් 7 ත් අතර පළමු සිද්ධිය වාර්තා වුණේ පොරොම්බුව හන්දිය ප්‍රදේශයෙනි.
වාහනයකින් පැමිණි පිරිසක් එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් තිදෙනෙකුට පහරදී එක් අයෙකු පැහහැර ගෙනයාමට උත්සහ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබදව විමර්ශන සිදුවන බව ය.
පහරකෑමට ලක්වූ බව කියන දෙදෙනෙකු මේ වනවිට මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ අත්පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට ද කිසියම් පිරිසක් පහරදී ඇති බව අප වාර්තාකරු පැවසීය.
එම පහරදීම සිදුව ඇත්තේ සිරිගල ප්‍රදේශයේදී ය.
පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා
මැරයන් පිරිසක් පොළලු මුඟුරු වලින් අපිට රෝහල ඉදිරියේ හිටපු මිනිස්සු මහ සෙනඟක් ඉදිරියේ පන්න පන්න පහර දුන්නා.ඊට පස්සේ අපි බොහොම ආමාරුවෙන් ගැලවී යනකොට ඔවුන්ගේ වෑන් එක පොලීසිය දක්වාම පන්නගෙන ඇවිල්ලා අපි පොලීසිය ඇතුලට යන අතරෙත් පොලිසිය ඉදිරියෙදිත් තර්ජනය කරලා තමයි ඔවුන් ආපසු හැරිලා ගියේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.