Header Ads

සහල් නිෂ්පාදනයෙන් 40% ක් බියර් නිෂ්පාදනයට


ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් සියයට 30% ත් 40% ත් අතර ප‍්‍රමාණයක් බීර නිෂ්පාදනය සදහා එක්තරා ව්‍යාපාරික ආයතනයක්
මිලදී ගන්නා බව වාර්තාවේ.


"ලක් සහල්" නමින් එක්තරා ආයතනයක් දිනකට සහල් ලොරි 10ක් පමණ පොළොන්නරුවෙන් රැගෙන යන නමුත් එම නමින් වෙළෙද පොලේ සහල් නොමැත.

දිනකට කිලෝ හාර ලක්ෂ පනස් දහසක් පමණ බියර් නිෂ්පාදනයට යොදා ගැනීම නිසා මේ වනවිට රට සහල් මිල ඉහළ ගොස් සහල් හිඟයක් ඇතිවී තිබේ

මෙලෙස සහල් වලින් බියර් නිෂ්පාදනය අරඹා තිඛෙන්නේ කර්මාන්ත සහ වානිජ නියෝජ්‍ය ඇමැති මාතලේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා විසිනි. ඔහුගේ මාතලේ නාවුල පිහිටා ඇති නිෂ්පාදනාගාරයේද මෙලෙස සහල් වලින් බියර් නිෂ්පාදනය කරයි

පොළොන්නරුවේ වී මෝල් හිමියන්ගේ සංගමයේ මහ සභාව පැවැති අවස්ථාවේදී වීමෝල් හිමියන් රාශියක් කරුණු දක්වා තිබූ අතර රටේ සහල් හිඟය ගැනද අදහස් දක්වා තිබුණි

"අද වී අලෙවි මණ්ඩලය බංකොළොත් වෙලා. ඒකට වී අලෙවි මණ්ඩලයේ සභාපති වගකියන්න ඕනෑ. මම අවුරුදු දෙකක් තිස්සේ ලියුම් ලිව්වා. එක ලියුමකටවත් අද වන තෙක් උත්තර ලැබිලා නෑ. ආරක්‍ෂිත වී තොග නෑ. රටේ හාල් හිගයක් ඇතිවීමට වී අලෙවි මණ්ඩලය වගකියන්න ඕනෑ. 

වී ටික ලොකු මෝල් හිමියන්ට අඩු මිලට දුන්නා. වී තොග විකුණනකොට හැම මෝල් හිමියෙක්ම ගෙනල්ලා සාකච්ඡුා කරලා වී දෙන්න ඕන. රටේ සහල් නිෂ්පාදනයෙන් සියයට තිහක් හතලිහත් අතර ප‍්‍රමාණයක් බියර් නිෂ්පාදනයට අද යනවා "ලක් සහල්" කියලා දවසකට ලොරි දහය පහළොව පොළොන්නරුව පැත්තෙනුත් යනවා. 

මෙම නම තියෙන හාල් වෙළෙද පොළේ නම් නැහැ. අපට ආරංචියි මේ ගෙනියන්නේ බියර් හදන්න කියලා. බත් කන්න දෙන්න තියෙන හාල් ටික බියර් හදන්න යොදාගැනීම අපරාධයක්"

පොළොන්නරුව සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.එම්. පුංචි බණ්ඩා 
වී මිලදී ගැනීමටත් කන්නයක ලැබෙන අස්වැන්න කොතෙක්ද කියලා ගණනය කිරීමටත් රජය සැලසුම් කර නැහැ. දෙදහස් දොළහේ වී තොග 2013 වර්ෂයේ මුදාහරින්න 2014 වර්ෂයේ වී තොග 2015 මුදාහරින්න වැනි ක‍්‍රමවේදයක් තිබුණා නම් මේ තරම් සහල් හිගයක් වෙළෙදපොලේ ඇතිවෙන්නේ නෑ. 

රජය දන්නේ නෑ මේ කන්නයේ කොච්චර අස්වැන්නක් එනවා ද කියලා. ගමක නිලධාරීන් අටක් ඉන්නවා. තාක්‍ෂණය හරිම දියුණුයි. ඉදිරියේ නියගයක් ගංවතුරක් එනවාද කියලා කියන්න පුළුවන්. මේ රජය ඒවා කිසිදෙයක් සැලකිල්ලට ගන්නේ නැෑ. 

2012 වී තොග වී අලෙවි මණ්ඩලය ගත්තාට 2013ට වී නෑ. 2012 දීම ඒවා පාඩුවට දීලා දැම්මා. නැත්නම් රුපියල් 32ට රට පැටෙව්වා. සැලැස්මක් නෑ. ඉබාගාතේ යනවා. මේකට අපි විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

උපසභාපති ගාමිනී කුමාරසිංහ - කුමාරසිංහ සහල් මෝල
මෙතන ඉන්න හැමකෙනාම වාගේ තමන්ගේ ගේ, ඉඩම බැංකුවට තියලා සල්ලි දාලා තමයි වී මෝල් පවත්වාගෙන යන්නේ. අද ඒ අය තමයි මේ රටේ මිනිස්සුන්ට බත් කන්න දෙන්නේ. අපි අද අසරණ වෙලා බැංකු ණය ගෙවාගන්න බෑ. ආහාර දෙපාර්තමේන්තුවක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය තියෙනවා. නමුත් වැඩක් නෑ. 

කිසිම සෙතක් මේ රටේ ජනතාවට වෙලා නෑ. ආහාර හිගයක් ඇතිවෙන බව මේ අය කලින් තේරුම් ගන්න ඕන. අද ආරක්‍ෂිත වී තොග නෑ. අපි ආරක්‍ෂිත ආහාර තොග නැති ජාතියක් බවට පත්කළේ මේ ආයතන. දැන් අපේ‍්‍රල් 10 දා ඉදලා හාල්වලට පාලන මිලක් දාලා අපිව අල්ලන්න පටන් ගන්නවා. අපි වී ගත්තේ මිටිය රුපියල් 2500 - 3000 මිලවලට. 

ඒ මිලට අරගෙන රුපියල් 68ට හාල් දෙන්න බෑ. බැංකුවලින් ගත්තු ණය ගෙවන්නේ කොහොමද? ඒ මිළට ගත්ත වී අපි දෙන්නේ කාටද? ඒක නිසා පාලන මිලට හාල් විකුණන්න අපට බෑ. වී මිල වැඩිවුණේ අපි කරපු දෙයක් නිසා නෙමෙයි අපි හාල් හංගන පිරිසකුත් නෙමෙයි. ඒ නිසා අපි කළුකඩ සහල් මෝල්කාරයෝ විදිහට දකින්න එපා කියන්න ඕනෑ.

කවුමදී සහල් මෝලේ අධිපති ජයලත් 
අපි ආපසු මුලින් කි‍්‍රයාත්මක කළ ගොඩනැගී තිබුණු ප‍්‍රවාහනයට යන්න ඕනෑ. ගමේ වී ටික කපලා පාගලා වේලලා ඉවර වුණාම ගමේ කඬේට දුන්නේ. එතකොට ගමේ කඬේ ගොඩ නැගෙනවි. ඒ හරහා සේවක පිරිසක් බිහි වී හිටියා. බ්‍රෝකර්වරු හිටියා. එයාලගේ ජීවිකාවත් අද අහිමි වෙලා. දැන් වී ලොරි කමතකට ගිහින් කුඹුරටම ගිහින් කපන ගමන් වී ටික ඩැහැ ගන්නවා.

ලොකු මෝල්කාරයෝ තමන්ට විතරයි වී ලොරි යන්න ඕන කියලා මග ඉදලා වී ලොරිවලට බලපෑම් කළා. දුන්නේ නැත්තං බෙල්ලෙන් අල්ලලා පැත්තකින් තිබ්බා. දැන් තව වැඩක් පටන් අරගෙන. ගොයම් කපන්න කලින් කුඹුරට සැනල්ටික කවර ටික මැෂින් එක ගිහින් දීලා කපාගෙන එනවා. අර කලින් ගොඩනැගී තිබුණු රටාව වෙනස් කරලා දාස් ගණනක රස්සාව නැති කරලා තියෙනවා. ඉක්මනින් තොග රැස් කරන්නයි මේ වැඬේ කරන්නේ. ඒකට අපි ඉඩ දෙන්න නරකයි.

මැදිරිගිරිය චන්දිමා හාල් මෝලේ අධිපති එච්.ජී.එන්. හේමන්ත
අපේ හාල් අල්ලනවා නම් අපට සිද්ධවෙයි බැංකුවලට පොලූ තියන්න. අපිත් පාරිභෝගිකයත් ආරක්‍ෂාවන ක‍්‍රමයකට එන්න ඕනෑ. රුපියල් 85 ට නාඩු සහල් කිලෝව දෙන මෙලෙහි ඉදගෙන සතොස හරහා හරි රටට සහල් බෙදා හැරීමේ ක‍්‍රමයක් හදන්න රජයට බලකරමු. රජය දැනගන්න ඕන කොච්චර වී තොග තියෙනවා ද රටේ කියලා. අපට තර්ජනය කළාට රුපියල් 68ට ගොවි මහත්වරුන්ගෙන් රුපියල් 32ට වී ඉල්ලන්න. රුපියල් 49-52 අතර මිලකටයි අද වී විකෙණන්නේ. පාරිභෝගිකයා සිල්ලර වෙළෙන්දා වී මෝල් හිමියා ගොවියා යන හතර දෙනාම රැුකෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි. 


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.