Header Ads

චිංචි මානවිකාවගේ බඩට දර දාන්න 4000 ක් ගත් බාස් කෙනෙක්

ගමේ රජමහා විහාරස්‌ථානයේ විහාර මන්දිරයේ බිතු සිතුවම්,පැරණි රූප මෙන්ම බිතු සිතුවම්වල කොටස්‌ අලුත් වැඩියා කර අමුතුම ආකාරයේ
බිලක් දුත් බාස් කෙනෙකුගේ පුවතක් වාර්තාවේ.
අදාළ බාස් තමාට පැවරූ රාජකාරිය නිමකර පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් රුපියල් 17,500 බාස්‌කුලියක් ලබාදෙනමෙන් ඉල්ලා තිබේ.
එහි දී ලොකු හාමුදුරුවන් පවසා ඇත්තේ සිය කාර්ය එක්එක් වශයෙන් සඳහන් කර බිල්පතක් යොමු කරන ලෙසත් ඉන් අනතුරුව එය දායක සභාවට යොමුකර අනුමතය ගතහැකි බවයි.  
ඒ අනුව අදාළ බාස්‌ විහාරස්‌ථානයේ අලුත්වැඩියා වියදම් මෙසේ විස්‌තර සහිතව ලියා දී ඇත
ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම සඳහා රු.1000
යසෝදරා දේවියගේ ඉරීගිය තණ පොට නැවත ඇන්දවීම රු.5000 
අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම රු. 2500,
අජාසත්තගේ දණහිස්‌ වලට මස්‌ දැමීම රු 3000, 
කුවේණිගේ බඩ පිරවීම රු. 2000,
චිංචි මානවිකාවගේ බඩට දර දැමීම රු. 4000.
මුළු එකතුව 17500.00.
බිල දුටු ලොකු හාමුදුරුවන් විශ්මයට පත් වූ අතර ඒ මොහොතෙම බාස්ට සියලුම මුදල් ලබා දී ඇති බව වාර්තාවේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.