Header Ads

හරින් ඡන්ද 50,000ට වඩා ගත්තොත් ඇමතිකමින් ඉල්ලා අස්වන බව උදය ගම්මන්පිල කී හැටි (වීඩියෝව)

ඌව පළාත් මැතිවරණයට පෙර එජාපයේ හරින් ප්‍රනාන්දු සමග රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වූ බස්නාහිර පළාත් කර්මාන්ත ඇමති උදය ගම්මන්පිල මහතා කියා සිටියේ හරින්ට ඌවෙන් ඡන්ද 50000 ක් වත් ගන්නට නොහැකි බවත් පෝස්ටර් නොගසා මැතිවරණ ව්‍යාපාරය කර 50000 ට වඩා අරන් පෙන්නුවොත් තම කර්මාන්ත ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී ඉවත්ව යන බවයි.
තමා පෝස්ටර ප්‍රචාරණයක් නොකරන බවත් එම අභියෝගය භාරගන්නා බවත් හරින් ප්‍රනාන්දු එම අවස්ථාවේ කියා සිටි අතර පසුගිය ඌව පළාත් මැතිවරණයේදී ඔහු ඡන්ද එක්ලක්ෂ හැත්තෑතුන්දහසකට වඩා ලබා ගත්තේය.
මෙම අභියෝගය සම්බන්ධයෙන් තවම පළාත් සභා ඇමති උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රතිචාරයක් නැත.


හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහනට එක්වෙමින් මෙම අභියෝගය සිදු කළ ආකාරය පහත පරිදිය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.