Header Ads

මතුගම හෙල්ලු “ දඟරී “ අල්ලයි


මතුගම නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු තුළ රැඳී සිටිමින් එම ස්‌ථානවලින් මුදල් ලබාගෙන පිටව යන කාන්තාවන් ලුහුබැඳ ගොස්‌ සූක්‍ෂම ලෙස
එම මුදල් සොරාගත් ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්‌ විසින් මෙහෙයවූ ගැටකපන කල්ලියක සාමාජික සාමාජිකාවන් හත්දෙනකු මතුගම පොලිසියේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කල්ලිය මෙහෙයවූ 55 හැවිරිදි "දගරි" නැමති කාන්තාව, ඇගේ පුතුන් තිදෙනා, ලේලියන් දෙදෙනා හා තවත් ලාබාල කාන්තාවක්‌ මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර මෙම ගැටකැපීමේ කටයුතු සඳහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක්‌ හා යතුරු පැදි දෙකක්‌ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.



ගෙවී ගිය මාසයක පමණ කාලය තුළ මතුගම නගරයේ ජනාකීර්ණ ස්‌ථාන, හෝටල් ආශ්‍රිතව තෙරපෙමින් කාන්තාවන්ගේ අත් බෑග් කපා මුදල් සොරාගත් මෙම කාන්තා පිරිස පිළිබඳව මතුගම පොලිසියට පැමිණිලි පහක්‌ ලැබී තිබූ අතර එම ස්‌ථානවල සවිකළ සී. සී. ටී. වී. කැමරා දර්ශන පරීක්‍ෂා කර මෙම කණ්‌ඩායම පිළිබඳව කරුණු හෙළිකරගත් පොලිසිය, ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන ඇත.



එම ඡායාරූප පිටපත් බුද්ධි අංශ නිලධාරීන් හරහා නගරයේ සැක සහිත ස්‌ථානවල සිටින පිරිස අතට පත්කර සිවිල් පොලිස්‌ නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් ඒ අවට පරීක්‍ෂාවට යොදා තිබේ.



ඒ අනුව පසුගිය දිනක බුද්ධි අංශ නිලධාරියකුගේ අතට හසු වූ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔවුන්ගේ සහායකයන් පැමිණ එම නිලධාරියාවද ත්‍රිරෝද රථයට නංවාගෙන පලාගොස්‌ ඔහුව අතරමග දමාගොස්‌ තිබේ. එහිදී එම නිලධාරියා සටහන් කරගත් ත්‍රිරෝද රථ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියට ඇල්පිටිය - ගොළුවාමුල්ල හා රත්මලාන යන ප්‍රදේශවලින් මෙම සැකකාරියන් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි වී ඇත.



මෙම ගැට කපන කල්ලිය මෙහෙයවූ පිටිදුව පතිරගේ මල්ලිකා හෙවත් දගරි නැමති කාන්තාවගේ මෙහෙයවීමෙන් කළුතර, ගාල්ල, අම්බලන්ගොඩ, බදුරලිය, තෙබුවන ඇතුළු ප්‍රදේශවල ගැට කැපීම් සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.



මොවුන් විසින් මතුගම නගරයේ ජගත් ගොඩනැඟිල්ල අසලදී රු.ලක්‍ෂ දෙකයි හැත්තෑ දෙදහසක්‌ද හෝටල් කීපයකින් රු.120000 ක්‌, රු.55000 ක්‌ හා රු.69000 ක්‌ මෙසේ සොරාගෙන තිබේ.



මෙම කල්ලියට සම්බන්ධ තවත් පිරිස්‌ හා ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය කටයුතු කරමින් සිටී.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.