Header Ads

කේෂාණි දැරිය සොයා ගත් වීඩියෝව මෙන්න.


වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය (අවුරුදු 04යි මාස 03යි) ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල
පාමුල ගෙදරකින් සොයා ගත් බව එහි නිමල් ජයසූරිය නම් ගැමියෙක් පවසනවා.



දරුවාගේ කොණ්ඩය කපා අද කිරිබත් ද කන්නට දී ඇතැයි ද, දරුවා ලෑලි ගොඩක් අස්සේ සිටි බවත් ඔහු පවසනවා. දරුවා පැහැර ගත් බව 



කුවේනි ගල අසළ නිධන් ඇතැයි බොහෝ දෙනෙක් පවසනවා. විජය කුමාරායා කුවේනිය හා දරු  දෙදෙනා පලවා හැරීමෙන් පසුව කුවේනිය හඩමින් දෙස් දෙවොල් තබමින් කුරුණෑගලට පැමිණි බවත්, ගලක් මුදුනට නැඟ විජය කුමාරයාට ශාප කළ බවත් එය කුවේනී ගල ලෙස හැඳින්වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එම කුවේනී ගල පිහිටුවේ ඉබ්බාගමුවේ බව ද කියනවා.

‘අද සවස 3.00 පමණ අසල්වාසී මල්ලි කෙනෙක් කීවා ගඩොල් පෝරණුව ළඟ ගාව පුංචි දරුවෙක් ඉන්වා. මම ඉක්මණට දුවෙගෙන ගියා ගඩෝල් පෝරණය ළඟට. එතන ලස්සන පොඩි ගෑණු දරුවෙක් හිටියා. මට එක පාරට හිතුණා නැතිවු පුංචි දරැවා එයා තමයි කියලා. 



මම ඒ පුංචි දරුවා වඩාගෙන ගෙදර එක්කගෙන ආවා. ළමයා ටිකක් බය වෙලයි හිටියේ. මම ඇහුවා කොහේ ද පුතේ ඔයා හිටියෙ කියලා. තව විස්තර මම දරුවාගෙන් ඇසුවා. ‘කවුද මාම කෙනේක් අද උදේ කිරිබත් කන්න දුන්නා‘ කීවා. ‘අද මගේ කොන්ඩෙත් කැපුවා‘ කීවා. 



කොහේද ඔයා හිටියේ කියලා ඇසුවාම ඒ අසල අප්පුහාමිගෙ නිවස දෙසට අත දිගුකලා. මම වැල්ල පොලිසිය කතා කර ඒ විස්තරය කීවා.    


කුඹක්ගැටේ කුවේණි ගල පෙනෙන තෙක්මානයේ නිවසෙක මෙම දරැවා දින කිහිපයක් රඳවාගෙන සිට ඇති අතර මෙම නිවාස නිතර දෙවෙලේ නාඳුනන පිරිස් යන එන බවට අසල්වාසී පිරිස් කියනවා.‘

එම දරුවා  එම නිවසේ  ඉදිරිපස කාමරයේ පරණ ලෑලිගොඩක් යට දැමූ රෙදි කැබල්ලක උඩ සිටි බව ඔහු කියයි. ‘අසල්වාසීන් පවසන්නේ නිතර දෙවේලේ මෙම නිවසට නාඳුනන පිරිස් යන එන බවයි. ‘



දැරිය පැහැරගත් බව කියන පිරිස ඔවුන්ගේ නෑදැයන් බවත් කලකට පෙර පවුල්වල දෙපිරිස අතර ආරවුලක් සිදු වූ බවට තොරතුරු ලැබී තිබෙනවා. දරුවා පැහැරගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැන පොලිසිය ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් සිටින බව දැනගන්නට ඇත. 



කේෂාණි දැරිය සඟවාගෙන සිටි බව කියන ගැහැණියක සැකපිට අත් අඩංගුවට ගත් බවත්, ප්‍රධාන සැකකරු අතුරුදන් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත්අඩංගුවට ගෙන සිටිනුයේ එම පුද්ගලයාගේ මවයි. 


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.