Header Ads

කුරුණෑගල සිව් හැවිරි දැරිය අතුරුදන් වීම තව ම ත් අබිරහසක්

කුරුණෑගල, නිකදළුපොත, පන්නව ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ බව කියන සිව් හැවිරිදි  දැරිය සොයා
පොලිස් කණ්ඩායම් 6ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ද අද කොළඹ සිට කුරුණෑගල ප්‍රදේශයට පිටත්ව ගිය බව ය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පැවසී ය.

සිය දෙමව්පියන් සමග නිවසේ නිදා සිටියදී ඊයේ අලුයම පමාරා කේෂණී විජේකෝන් නමැති දැරිය අතුරුදන් වූවා ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.