Header Ads

බ්‍රිටිෂ් එයාර්වේස් සමාගමට ලංකාව එපා වෙලා

බ්‍රිටිෂ් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව වෙත සිදුකරන සියලු ගමන් වාර 2015 මාර්තු 28 වැනිදා සිට නවතා දමන බව නිවේදනය කර තිබේ. බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම විසින්
මේ තීරණය ගෙන ඇත්තේ බි්‍රතාන්‍යයේ සිට කොළඹ දක්වා සිදුකරන ඔවුන්ගේ ගුවන් ගමන් දිගින් දිගටම පාඩු ලැබීම නිසා බව සමාගමේ කලාපීය වෙළෙඳ කළමනාකරු ක්‍රිස්ටෝපර් ෆෝඩයිස් සඳහන් කර ඇත.



ශ්‍රී ලංකාව වෙත සමාගම මඟින් සිදුකරන ගුවන් ගමන් නවතා දැමීම පහසු තීරණයක් නොවු බව පවසන කලාපීය කළමනාකාරවරයා තමන් ගමන්වාර පවත්වන ගමනාන්තවල ලාභ අලාභ පිළිබඳ නිරතුරුව අවධානයෙන් සිට අවශ්‍ය පියවර ගන්නා බවද පවසා තිබේ.



බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම විසින් මාලේ වෙත පවත්වන ගමන්වාර නොවැම්බර්, සිට ජනවාරි මාසය දක්වා සිදු කිරීමටද තීරණය කර ඇත.බි්‍රතාන්‍යයට ශීත සෘතුව බලපැවැත්වෙන නොවැම්බර් සිට ජනවාරි, පෙබරවාරි කාලය දක්වා ලන්ඩනයේ හීතේ‍රා් හා ගැට්වික් ගුවන් තොටුපොළ සිට මාලේ දක්වා සංචාරක ගමනාන්තයක් වන හෙයින් ඒ සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට පමණක් සමාගම පියවර ගැනීමට නියමිතය.
බි්‍රතාන්‍ය ගුවන් සේවය මෙසේ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගමන්වාර නවතා දැමුවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය බි්‍රතාන්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් හරහා පාරිභෝගිකයන් හට අපහසුවකින් තොරව සිය ගමන් පහසුව සලසා ගත හැකි බවද සමාගම නිවේදනය කර ඇත.




සමාගමේ මේ තීරණය නිසා පාරිභෝගිකයන් හට සිදුවන අපහසුතාව පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම සිය ගමන්වාර සැලැසීමේදී ශ්‍රී ලංකා බලධාරීන්, ගුවන් තොටුපොළ නිලධාරීන්, සංචාරක නියෝජිතායතන හා ශ්‍රී ලංකා ජනතාව ලබාදුන් සහයෝගයට ස්තුතියද පළ කර තිබේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.