Header Ads

අම්මයි දුවයි බැන්ඳ අයියගෙයි මල්ලිගෙයි හොර වැඩ

සැමියා අතහැරගිය කාන්තාවක්‌ හා දියණියක්‌ විවාහ කරගත් එකම පවුලේ අයියා මලෝ දෙදෙනා කළ මහපරිමාණ
සොරකම් වැලක්‌ හෙළිකර ගැනීමට කඳාන පොලිසිය සමත් වී ඇත.

සිවුදෙනා එක්‌ව සිදුකළ සොරකම්18 ක්‌ හෙළිකර ගත් කඳාන පොලිසිය ලක්‍ෂ 21 ක රත්තරන්, මුදල් හා විදුලි උපකරණ සොයා ගන්නා ලදී. සිවුදෙනා වත්තල මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට (14 දා) ඉදිරිපත් කළ පසු මේ මස 22 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අධික ලෙස මත්කුඩු භාවිතයට පුරුදු වී සිටි මල්ලි අයියාවද රැගෙන සොරකමේ යන අතර සොරකම් කරන ලද රත්තරන්, විදුලි උපකරණ උකස්‌ තැබීම හා විකිණීම සිදුකරන්නේ මෙම මව හා දියණිය බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත. මෙම පවුල මට්‌ටක්‌කුලිය සුමිත්‍රාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වන අතර වත්තල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිට මෙම සොරකම් කිරීමේ ව්‍යාපාරය සිදුකර ඇත. ප්‍රථමයෙන් අත්අඩංගුවට පත් වූ මල්ලි ළඟ හෙරොයින් තිබී ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සොරකම් සියල්ල හෙළි වී ඇත.

උපුටාගැනීම - (දිවයින) රුක්‌මන් පින්තු

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.