Header Ads

යක්‍ෂයාගේ ත්‍රිකෝණයේදී අතුරුදන්වූ නැව් හා ප්ලේන්


ජෝසුවා ස්ලෝකම් 1895දී තරම් කාලයේ කීර්තියක් දිනූ යාත්‍රිකයෙකි. හෙතෙම කීර්තිධරයකු වූයේ නිර්භීතකම නිසාය. ඒ වනවිට ඔහු
තරණය නොකළ සාගරයක් නොවීය. අද මෙන් දියුණු තාක්ෂණයක් නොවූ එසමයේ ජෝසුවා මහා සාගරයේ කුණාටු වැනි ජීවිත තර්ජනයට මුහුණදෙමින් දිවා රාත්‍රි නොබලා සයුර තරණයට ඉදිරිපත් වූයේය. සෙසු යාත්‍රිකයන් අබිබවා ජෝසුවාගේ කීර්තිය නිර්භීතකමින් ඉහළ තලයට පැමිණියේ හෙතෙම තට්ට තනිවම මුහුදු තරණයේ යෙදුණු බැවිනි.



ඔහුගේ යාත්‍රාව 'ස්ප්‍රේ' (ඉර්ථීඅඒක) නම් විය. එය ධීවර යාත්‍රාවකි. මසුන් මැරීමට දියඹට යන බෝට්ටුවකි. ඔහු එය තමාගේ අපේක්ෂාවට අනුව සකස් කරගෙන තිබිණි. නාවික සාහිත්‍යයේ ජෝසුවා ස්ලෝකම් යන නම සඳහන් වූයේ ඔහු තම ධීවර යාත්‍රාවෙන් ලොව වටා යෑම නිසාය. ඔහු කිසිදු දිනෙක සාගරයක් මැදදී අතරමංව නොසිටියේය.

ජෝසුවා 1909දී දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ නැඟෙනහිර වෙරළෙන් සිය යාත්‍රාවට නැඟී ශීත සෘතුව ගතකිරීම සඳහා ග්‍රෑන්ඩ් කේමන් ප්‍රදේශය බලා පිටත්වූයේය.

ඒ ඔහුගේ අවසානම ගමන විය. ඉන්පසු හෙතෙම කිසිවකු විසින් දක්නා නොලද්දේය. එසේම ඔහු දුටු බව කිසිම කෙනකුගෙන් තොරතුරක්ද අසන්නට ලැබුණේ නැත.

ඒ නිසා ජෝසුවා ස්ලෝකම් 1924 වනතුරුම මියගිය බවටද නීතියෙන් නොපිළිගැනිනි..


ජෝසුවා ස්ලෝකම් යක්ෂයාගේ ත්‍රිකෝණය හෙවත් බර්මියුඩා ට්‍රෑංගල් ඕඡ්අර්උච් ඊඅධ්ඒව්ට්ඹ්ඡ් ප්‍රදේශයේදී අතුරුදන්වූයේද යන්න ස්ථිර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවුණද කාගෙ කාගේත් සිත් තුළ මුල් බැසගෙන තිබූ බවනම් නොකියාම නොහැකිය.


බර්මියුඩා ත්‍රිකෝණය මේ අන්දමින් මුහුදු යාත්‍රා හෝ ගගන යාත්‍රා ගිල දැම්මාද? ඒ ප්‍රදේශයෙන් ගමන් ගන්නා මුහුදු යාත්‍රාවල නැවියන් හෝ ගගන යාත්‍රිකයන් හෝ වියරු වැටෙන්නේදැයි තෝරා බේරාගත නොහැකි මතයක් විය. ඒ ආසන්නයේදී යාත්‍රිකයන් හෝ ගගනගාමීන්ගේ මානසික මට්ටම විකෘති වී ඔවුන්ගේ සිහි විකල් වී යන බවට හේතු සාධකද ඉදිරිපත් කෙරී තිබේ.


ඩොනල්ඩ් කේ‍රා්හර්ස්ට් සාර්ථක ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු හපන්කම් දැක්වූයේ මුහුදු යාත්‍රිකයකු වශයෙනි. සන්ඩේ ටයිම්ස් ආයතනයෙන් සංවිධානය කළ නාවික තරගයේ ජයග්‍රාහකයා වීමට ඔහුට අවශ්‍ය විය. ඒ තරගය නම් යාත්‍රාවකින් තනිවම ලෝකය වටා යාත්‍රා කිරීමය. ඔහු ඒ සඳහා තමාටම ආවේණික වූ යාත්‍රාවක් ඒ සඳහා නිර්මාණය කරගත්තේය. දීර්ඝ කාලයක් තිස්සේ ලබා තිබූ අත්දැකීම් උපයෝගී කරගෙන හෙතෙම සිය යාත්‍රාව නිර්මාණය කරගත්තේය. ඒ තමන්ගේ ආරක්ෂාවටද සරිලන පරිදි වේ. විවිධ අංගෝපාංග එක්කර ඉදිකළ යාත්‍රාවට නැව් බඳවල් තුනක් තිබිණි.


හොඳ පළපුරුදු යාත්‍රිකයකු වූ කේ‍රා්හර්ස්ට හොඳ ප්‍රචාරයක්ද ලැබිණි. ප්‍රචාරය ලැබුවා පමණක් ප්‍රචාරය ලබා ගැනීමට හොඳ ප්‍රචාරක ආයතනයක සහායද ලබා ගත්තේය. ඔහු 1968 ඔක්තෝබර් 31 වැනිදා ලන්ඩනයෙන් ගමන ආරම්භ කළේය.


කේ‍රා්හර්ස්ට සිය වාසනාව පතා මහත් උඩඟුවෙන් ආරම්භ කළ ගමන ටික දිනකින්ම මන්දගාමී වූවේය. ඊට හේතුව කිසිදු විටෙක අපේක්ෂා නොකළ අන්දමින් ඔහුගේ යාත්‍රාව ලෙඩදීමට පටන් ගැනීමය. සෑම දෝෂයක්ම නිවැරැදි කරගනිමින් බැඳගත් බෙරේ ගසා අවසන් කිරීමට අපේක්ෂා කළ කේ‍රා්හර්ස්ට් නොනවත්වා ඉදිරියටම යන්නට පටන් ගත්තත් වැඩේ එතරම් ශුභදායක නොවන බව ඔහුටම අවබෝධ විය. ඒ නිසා කේ‍රා්හර්ස්ට් ගමන නවතා ආපසු එන්නටද කල්පනා කළේය. එහෙත් ඒ අදහස එසේ තිබියදීම ඔහු කළේ ඔහුගේ ප්‍රචාරක ආයතනයට ඇදහිය නොහැකි අන්දමට තම ගමන ගැන විස්තර දැන්වීමය. තමා අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් සිටි බව එසේ දන්වමින් ජයග්‍රහණය පිළිබඳ තබා තිබූ සියලුම අපේක්ෂා සාර්ථක වී ඇති බව සඳහන් කරමින් දැක්වූ විස්තර ඊටත් වැඩි වශයෙන් ප්‍රචාරක ආයතනයෙන් ප්‍රචාරය කරද්දී කේ‍රා්හර්ස්ට් හෙමින් සීරුවේ හොර රහසේම අත්ලාන්තික් සාගරය හරහා ආපසු ගෙදර එමින් සිටියේය. ඒ එන අතරමඟදී තරගයේ ඔහුගේ ප්‍රතිමල්ලවයා සම්මුඛ වූයේය. එමඟින් තමන්ගේ 'අතේ රෝල්' අතේම පත්තු වූ බව කේ‍රා්හර්ස්ට්ට අවබෝධ විය. ජීවිතයට වඩා ඔහුගේ ලැජ්ජාව ඉහවහා ගියේය. තම රැවටිල්ල වංචාව ලෝකයට අනාවරණය වූ විට ඉඳලා වැඩක් නැතැයි ඔහු කල්පනා කළේය.

මේ ගමන ආරම්භ කළ දා පටන්ම ව්‍යාජ අන්දමින් ඔහු පවත්වාගෙන ආ සටහන් පොතද අතට ගත් කේ‍රා්හර්ස්ට් මුහුදට පැන්නේය. ඉන්පසු ඔහු කිසිවකුට හමුවූයේද නැත. ඔහුගේ යාත්‍රාව 'ටෙන් මවුත් ඉලෙක්ට්‍රෝන්' යක්ෂයාගේ ත්‍රිකෝණය මධ්‍යයේ ඉබාගාතේ පාවෙමින් තිබියදී 1969 ජූලි මාසයේදී සොයා ගනු ලැබිණි. යාත්‍රාව හමුවූ පසු කේ‍රාහර්ස්ට් ගැන සොයා බැලුවත් දක්නට නොලද තැන අවට මුහුදේ පවා ඔහු ගැන සොයන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවේදී පාවෙමින් තිබූ කේ‍රා්හර්ස්ට්ගේ ලොග් සටහන් පොත හමුවී තිබේ. ඔහු එහි අවසාන සටහන යොදා තිබුණේ 1969 ජුනි මාසයේ 29 වැනිදාය.

බී.ඩබ්ලිව්. මැක්මිලන් පළපුරුදු ගුවන් නැවියෙකි. 1948 ජනවාරි 30 වැනිදා හෙතෙම එංගලන්තයේ සිට බර්මියුඩාව බලා යෑමට ගමන් ආරම්භ කළේය. ඔහු සිය පාලක මැදිරියට ගුවනේ සිට වාර්තා කළේ පෙරවරු 5.00ට තම ගුවන් යානය ගමනාන්තයේ ගුවන් තොටුපොළට බස්වන බවය. ඒ ඔහු දුන් අවසාන ඇමතුම විය. ගුවන් යානයත් එහි ගමන් ගත් මගීන් තිස් එක් දෙනාත් සමඟම අතුරුදන් වූ ගුවන් යානය ගැනත් මේ දක්වා කිසිම තොරතුරක්ද නැත. මෙසේ අතුරුදන් වූ 'ස්ටාර් ටයිගර්' නමැති ගුවන් යානය පිළිබඳ පැවැත්වූ පරීක්ෂණයේදී අනුමාන වාර්තාවක් ඉදිරිපත් කෙරී තිබේ. නිශ්චිතවම සිදුවූයේ කුමක්දැයි තීරණය කිරීමට කිසිම සාධකයක් නොවූ බැවින් ඔවුන් තීරණය කර ඇත්තේ ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇති බවය. එසේ වුවද ඒ පිළිබඳ පවා ගුවන් නැවි බී. ඩබ්ලිව්. මැක්මිලන්ට පාලන මැදිරියට කිසියම් සංඥාවක් අනතුර පිළිබඳ දැනුම් දීමට හැකියාව තිබූ බවට පිරිසක් තර්ක කළහ. ගුවන් යානයේ උණුසුම් කෙරෙන හීටරය (ඩ්ඡ්ඒඊඡ්අ) කිසියම් අන්දමකින් ක්‍රියා විරහිත වීමක් හෝ යානයේ කොම්පාසුව අකර්මණ්‍ය වීම හෝ නිසාත් ගමනේ ඉතාම පහළ මට්ටමකින් යානය පැදවීමට මැක්මිලන්ට සිදුවී ඇතැයි අනුමාන වාර්තාවේ තීරණ වශයෙන් දැන්විණ. පහළ මට්ටමෙන් ධාවනය කිරීමේ හේතුවෙන් ඉන්ධන දහනය අධික වී තිබේ. මේ හේතුව නිසා ගුවන් නැවියාට අනතුර පිළිබඳ පාලන මැදිරියට දැනුම්දීමට නොහැකි වී තිබේ. ඒ මන්දයත් යානය ඉතා සුළු මොහොතකින් සාගරයට කඩා වැටී ඇති බවය.

යක්ෂයාගේ ත්‍රිකෝණයේදී යාත්‍රිකයන්, ගුවන් නැවියන් වියරු වැටීමට ලක්වන්නා සේම ගුවන් යානාවල යන්ත්‍රසූත්‍ර උපකරණ කිසියම් බලවේගයක් නිසා අකර්මණ්‍ය වන බවට හේතු ඇතැයි අනුමාන කරන මතධාරීහු ඒ සඳහා ඒ අන්දමේ උදාහරණ ඉදිරිපත් කර ඇත්තාහ.


බි්‍රතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සමාගමට අයත් ටියුඩර් 4 ගුවන් යානය 1949 ජනවාරි 17 දා බි්‍රතාන්‍යයේ සිට බර්මියුඩාව බලා ගුවන්ගත කෙරිණි. එහි කාර්ය මණ්ඩලය කපිතාන්වරයා සමඟ හත් දෙනෙක් වූහ. ජැමෙයිකාව බලා යෑමට සූදානම්ව සිටි මගීහු හත් දෙනෙක්ද යානයේ සිටියහ.



කපිතාන්වරයා ජේ.සී. මැක්පි මහතායි. ඔහු එදින උදයේ සිය පාලක මැදිරියට ගුවනේ සිට දැන්වූයේ තම චාරිකාව ඉතා හොඳින් කෙරෙන බවය. ඊට මොහොතකට පමණ පසුව ඔහුගෙන් ලැබුණු ඇමැතුමෙන් පාලක මැදිරියේ නිලධාරීන්ට දැනුණේ මැක්පි මහතාගේ කටහඬ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවය. එය ගුප්ත ඇමතුමක් බව ඔවුන්ට අවබෝධ වූ බව පසුව ප්‍රකාශ කර තිබේ. ඉන්පසු ඔහු ගැනත් යානය ගැනත් කාර්ය මණ්ඩලය ගැනත් මගීන් ගැනත් කිසිම තොරතුරක් නොලැබිණි.එය තවමත් අබිරහසකි.

අතුරුදන් වූ ටියුඩර් 4 යානය සෙවීම සඳහාද ගුවන් යානාවක් යොදවා තිබේ. ඒ ගුවන් යානයට සිදුවූයේද ටියුඩර් 4 යානයටම සිද්ධ වූ සන්තෑසියමය. ඒ ගුවන් යානයේද පුළුටක් හෝ සොයා ගත නොහැකි විය. මේ යානාවලට වින කැටුණේ ටියුඩර් 4 යානා නම නිසා යැයි අදහස් කළ බි්‍රතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සේවාව ඉන් පසු ටියුඩර් 4 යානා ගුවන් යානා තැනීම අත්හිටෙව්වේය.



පළමුවැනි ලෝක සංග්‍රාම සමයේ 'සයික්ලෝප්ස්' නමැති නෞකාවේ රාජකාරිය වූයේ වෙනත් නෞකාවලට අවශ්‍ය ගල් අඟුරු සැපයීමය. ඇත්ත වශයෙන්ම එය සාගරයේ පාවෙන ගල් අඟුරු ආකරයක් ලෙස හැඳින්වීමද වරදක් නැත. නාවික හමුදාවට අයත් 'සයික්ලෝප්ස්' නෞකාවේ නියමුවා ලුතිනන් ජී. ඩබ්ලිව්. වරලි නම් මහතෙකි. ඔහු 1918 වනතුරුම ඇමෙරිකාවේ නැඟෙනහිර වෙරළ තීරයේ රැඳී නැවේ රාජකාරි කටයුතු කළේය. අනතුරුව එම වර්ෂයේදී නැවට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ආදී රාජකාරි කටයුතු සඳහා බ්‍රසීලයට යෑමට සිදු විය. ඒ අවස්ථාවේදී නැවේ සියලුම පිරිස නවසිය නව දෙනෙක් සිටියහ. පළමුවෙන්ම 1918 පෙබරවාරි මාසයේ රියෝද ජැනෙයිරෝ නගරයට ගිය සයික්ලෝප්ස් නැව අනතුරුව මාර්තු මාසයේ බාබඩෝස් නගරයට ළඟා විය.



අවසාන වරට 'සයික්ලෝප්ස්' නැව දැක ඇත්තේ ඒ බාබඩෝස් වරායේදී පමණි.

නැවේ අතුරුදන් වීම නාවික ඉතිහාසයේ ඉතාම අවුල්සහගත සිදුවීම බව ඒ පිළිබඳ පැවැත්වූ පරීක්ෂණ සටහන්වල විස්තර කර තිබේ. නැව පිළිබඳ මාත්‍රයක තොරතුරක් හෝ හඳුනාගත නොහැකි වූ බව ඒ වාර්තාවේ දැක්වේ. ඒ සමයේ අත්ලාන්තික් සාගරයේ බටහිරබද ප්‍රදේශයේ කිසිම සතුරු සබ්මැරීනයක් නොතිබූ බව ඉඳුරාම පසක් කරගෙන තිබූ බැවින් සතුරු සබ්මැරීන් ප්‍රහාරය 'සයික්ලෝප්ස්' ගිල්වා දැමුවේය යන මතයක් ගැනද සිතීමට අමාරු විය.

දන්නා සියලුම සෙල්ලම් දමා ජර්මානුවන් මේ නැව ගිල්ලුවේදැයි සොයා බැලුවත් එවැනි සිදුවීමක් ජර්මානුවන්ගේ සටහන්වල නොදැක්වෙන බව සනාථ වීමෙන් සතුරු ප්‍රහාරයකින් ගිලා බැස්සේදැයි යන තීන්දුවටද පැමිණීමට නොහැකි විය.



සටනකට නොබැස ජීවිත විශාල සංඛ්‍යාවක් (309ක්) එකවර නැතිවී ගිය සිද්ධියක් ලෙසට නාවික ඉතිහාසයේ සයික්ලෝප්ස් නැව අතුරුදන් වීම පිළිබඳ ලේඛනවල දැක්වේ.

බහාමි බිමිනි දූපතට යෑමට 1984 මාර්තු 31දා ලූඩාඩේල් තොටුපොළෙන් සෙස්නා ගුවන් යානයද ගුවන්ගත කර තිබේ. එම ගුවන් යානයේ නියමුවාත් සහායක නියමුවාත් සමඟ කාර්ය මණ්ඩලය පමණක් උන්හ. හොඳ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටියද කුමක් හෝ කිව නොහැකි දෝෂයක් නිසා ගුවන් යාත්‍රාව අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. බහාමියට යන අතරතුර යානයේ වේගය කෙමෙන් කෙමෙන් අඩු වී තිබේ. එපමණකි. යානය මුහුණපෑ අනතුර ගැන ඉන්පසු කිසිදු සංඥාවක් හෝ ලැබී නැත. මේ සමඟම යානය මුහුදට වැටී තිබේ. ඒ මුහුදට වැටීමත් සමඟම පාලක මැදිරියේ රේඩාර් පථයෙන් යානය මැකී ගොස් ඇත.

බහාමි දූපතේ මුහුදු තීරයේ සිටි කාන්තාවක් කිලෝමීටර් දෙකක් පමණ අෑතට වෙන්නට ගුවන් යානයක් කඩා වැටෙනු දුටු බව පවසා තිබේ. එහෙත් වැටුණු ගුවන් යානයේ අංශු මාත්‍රයක් හෝ කොතෙක් හෙව්වත් හමුවී නැත. 
(උපුටාගැනීම - ලක්බිම)


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.