Header Ads

ජපානයත්, චීනයත් ,පරාජය කොට ඉන්දියාවේ මංගල්යාන් අඟහරුට ලඟාවේ

අඟහරු හෙවත් රතු ග‍්‍රහයා ගවේෂණය සඳහා ඉන්දියාව යැවූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද (24) අලූයම අඟහරු ග‍්‍රහයාගේ කක්ෂය වෙත ඇතුළු වී ඇත.ඒ අනුව ආසියාවේ අඟගරු ජයගත් ප්‍රථම
රට වීමට ඉන්දියාව අද උදෑසන සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
ජපානය විසින් මීට පෙර අඟහරුවෙත යවනු ලැබූ යානය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මග නතර විය. එසේම චීනය විසින් යවනු ලැබූ යානයද අඟහරුට ළඟා නොවීම විනාශයට පත්විය.
ඉන්දියාව විසින් අඟහරු වෙත යවනු ලැබූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද අඟහරුමත කක්ෂගත වූ අතර මෙම යානය පසුගිය වර්ෂයේ (2013)නොවැම්බර් මස 05 වන දින උඩුගුවන බලා නික්මිනි.
මාස 10ක කාලයක් උඩුගුවනේ සැරිසැරූ මෙම යානය අඟහරුමත කක්ෂගත වීම හේතුවෙන් තාක්ෂණය සපිරි ජපානයත් ආසියාවේ බලවතා බවට පත්ව තිබෙන චීනයත් පරාජය කොට ඇත.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.