Header Ads

ඇමති ටී.බී. ගේ සපත්තු දෙකට ලැබුණු ලංසුව ලණුවක් ?

චීන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ගිවිසුම් අත්සන් කිරීමේදී සංස්කෘතික කටයුතු ඇමති ටී.බී. ඒකනායකගේ
සපත්තු යුගලය කැඩීයාම දෙස් විදෙස් මාධ්‍ය අවධානයට ලක්විය. 

එම ජායාරූප මාධ්‍යය ඔස්සේ ​ප්‍රසිද්ධ වීමත් සමග අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර සංවිධාන මගින් එම සපත්තු යුගලය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවයි. ප්‍රංශය, ජර්මනිය යන රටවල් දෙකෙහි මෙවැනි විශේෂ අවධානයට ලක්වූ පුවත් සම්බන්ධයෙන් අවධානය දක්වන ආයතන මගින් එය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවත් තමාගේ කැඩුණු සපත්තු යුවලට අමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ලන්සුවක් ලැබී ඇති බවත් පවසා තිබුණි. 

නමුත් අප වෙත වාර්තා වන්නේ අමාත්‍යවරයා ප්‍රංශයේ සිටින ශ්‍රීලාංකික තරුණයන් දෙදෙනෙකුගේ රැවටීමකට ලක්ව ඇති බවය. ප්‍රංශයේ සිටින තරුණයන් දෙදෙනෙකු පුවත් ඒජන්සියක ආකාරයෙන් ​අමාත්‍යවරයාගේ ලේකම්වරයාට කතාකොට ඇති අතර එම සපත්තු දෙක ඇමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදී ගැනීමට කැමති බව ප්‍රකාශකොට තිබේ. පසුව ලේකම්වරයා ඒ සම්බන්ධව අමාත්‍යවරයා දැනුවත්කොට ඇති අතර නැවතත් එම තරුණයන් දෙදෙනා අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ස්කයිප් හරහා කතා කිරීමට අවස්තාවක් දෙන ලෙසය. නමුත් ඉංග්‍රීසි භෂාව හැසිරවීමට නොහැකි වීම හේතුවෙන් ටී.බී එම ස්කයිප් සංවාදය මගහැර ගොස් තිබේ. 

මේ අතර අමාත්‍යවරයා විසින් සිදුකොට ඇත්තේ තමාට සිදුවූ ලැජ්ජාව වසාගැනීම සඳහා එම ව්‍යාජ දුරකථන ඇමතුමෙන් (අමාත්‍යවරයා එය තවමත් සත්‍යයක් ලෙස සිතාගෙන ඉන්නවාදැයි අප දන්නේ නැත) ලැබුණු ලන්සුව මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරනු ලැබීමයි. ලංකාවේ මාධ්‍යයද එම පුවතෙහි සත්‍ය අසත්‍යය තාවය විමසා නොබලා ඇමතිවරයාගේ කතාවට ප්‍රචාරක් ලබාදීමට කටයුතු කර තිබුණි. 

ටී.බී. ඒකනායක තවමත් ලන්සුව ලැබුණු ආයතනයේ නමක් හෝ එවන් ආයතනයක් තිබේද යන්නවත් නොදනී.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.